தமிழ்
English
Contact
Tuesday 26th September 2017    
පැනමාව තායිවානය සමග පැවැති තානාපති සබදතා අතහරී « Lanka Views | Views of the truth

පැනමාව තායිවානය සමග පැවැති තානාපති සබදතා අතහරී



චීනය සමග ද්විපාර්ශවීය සම්බන්ධතා තර කර ගැනීමේ අදහසින් මෙතෙක් තායිවානය සමග පැවැති තානාපති සමබන්ධතා නවතා දැමීමට පැනමා රජය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

පැනමාවට තායිවානය සමග පැවැති තානාපති සම්බන්ධතාව නවතා දමන්නට සිදුවන්නේ චීනය සමග ගනුදෙනු කිරීමේදී එක් චීනයක් ප්‍රතිපත්තිය පිළිගැනීමට පැනමාවට සිදුවන් නිසාය.

වසර ගණනාවක සිට පැනමාව සිය තානාපති සම්බන්ධතා තායිවානය සමග පවත්වාගනෙ යනු ලැබීය. නමුත් මෑතක චීනයේ සමග නව වෙළද හා ආයෝජන ගෙන්වා ගැනීමේදී පැනමාවට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවත් ඒ සදහා පැනමාව පොළඹවා ගැනීමට චීනය සමත් ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැනමා ඇල මාර්ගය මේවන විට වැඩිපුරම යොදාගන් ලබන්නේ එක්සත් ජනපදයයි. ඉන් පසුව භාවිතයට ගනු ලබන්නේ චීනය විසිනි. පැනමාවේ පිහිටි මෙම පැනමා ඇල ඇමෙරිකානු රටවල් හා ලකින් ඇමෙරිකානු රටවල් සමග ආසියානු රටවල් අතර වෙළද සබදතාවලට කෙටි නාවික මාර්ගයකි.

නැගී එන චීනයේ ගොලීය වෙළදාම සදහා පැනමා ඇල ඔවුන්ට විශාල ආර්ථික වාසියක් අත්කර දෙනු ලබයි. මෙම තත්වය හේතුවෙන් පැනමාව චීනයේ සමීප වෙළද හවුල්කැවකු ලෙස යොදාගනිමින් සීටී.

එක් චීනයක් ප්‍රතිපත්තිය පිළිගන්නා රටකට සිදුවන්නේ තායිවානයද චීනයේ කොටසක් ලෙස පිලිගැනීමටය. තායිවානය සමග මේ වන විට රටවල් 20ක් තාවාපති සම්බන්ධතා ඇතිකරගෙන තිබේ.




Related News