නානයෑම් ජල ගැලීම් නිසා බංග්ලාදේශයේ 74 දෙනෙකු මියයති
Posted on 06.14.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය සදුදා සිට දිනක් පුරා පැවැති අධික වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.
මේ අතර ඊයේ චිතගොං ප්‍රදේශය හා ඒ අවට සිදූවූ නායයෑමවලින් පුද්ගලයන් 74 දෙනෙකු මේ වන විට මියගොස් ඇත. මිය ගිය අය අතර මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත හමුදා භටයන් හතර දෙනෙකුද සිටින බව වාර්තාවේ.
දියනක් පුරා පැවැති අධික වර්ෂාව හේතුවෙන් එරට පහත් බිම් ප්‍රදේශ විශාල වශයෙන් ගංවතුර තර්ජනයට ලක්ව ඇති අතර මෙයින් වැඩිම හානිය වාර්තා වී ඇත්තේ චිතගොං අවට ප්‍රදේශයට බව වාර්තාවේ.
චිතගොං-රන්ගමාර්ති අධිවේගී මාර්ගයට පස්කදු කඩා වැටීම නිසා එම පස් ඉවත් කරමින් සිටි හමුදා සෙබඵ මතට තවත් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ආපදා මෙහෙයුම්වල යෙදී සිටි තවක් එක් හමුදා සෙබළකු අතරුදහන්ව ඇති බව වාර්තාවේ. වාර්තාවන අන්දමට තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව අත.
Related News