தமிழ்
English
Contact
Wednesday 27th September 2017    
මන්ත්‍රීවරුන්ගෙ ඥාතින්ගෙත් වත්කම් දිය යුතුයි! « Lanka Views | Views of the truth

මන්ත්‍රීවරුන්ගෙ ඥාතින්ගෙත් වත්කම් දිය යුතුයි!



මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ළඟම ඥාතීන්ගේද වත්කම් ඇතුළු මුල්‍ය වත්කම් තොරතුරු පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා වෙත ලබාදිය යුතු බවට වන රීතියක් යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට ඇතුළත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වන යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පතක් පසුගිය සතියේ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ අතර ඉදිරියේදී මෙය සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ඇත. එම කෙටුම්පතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය පවත්වාගෙන යාමේ රීතිය ගෙන එන අතර සෑම මන්ත්‍රීවරයකුම මෙම ‍ලේඛනය සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පියා, මව, කාලාත්‍රයා සහ දරුවන් ඇතුළු පවු‍ලේ සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සබඳතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරුද මේ අනුව අනාවරණය කළ යුතුය. මන්ත්‍රීවරුන් ගබාදෙන මෙම තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා විසින් මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය නමින් ‍ලේඛනයක් පවත්වාගෙන යා යුතුවේ.

මෙසේ පාර්ලිම්න්තු මන්ත්‍රිවරුන් පිළිබද පාර්ලිමේන්තුවේ ඇති ලේඛනයේ යම් තොරතුරක් දැනගැනීමේ පනත යටතේ පිටස්තර පාර්ශ්වයකට ඒවා ලබා ගැනීමටද හැකියාව පවතින බවද යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කෙටුම්පතේ සඳහන් වේ.




Related News