தமிழ்
English
Contact
Tuesday 26th September 2017    
දකුණේ ඖශධවේදීන් වැඩවර්ජනයකට සැරසේ « Lanka Views | Views of the truth

දකුණේ ඖශධවේදීන් වැඩවර්ජනයකට සැරසේ



දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය ඵලකරමින් හෙට(15) දින දකුණු පළාත් රෝහල් තුළ වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව රජයේ ඖශධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

තිස්සමහාරාම රෝහලේ සේවය කල සිය සාමාජිකයෙකු විදිමත් ලෙස හම්බන්තොට රෝහලට මාරුකර තිබියදී දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා එම මාරුව මඟහරිමින් වෙනත් රෝහලක් වෙත අත්තනෝමතික ලෙස මාරු කර යවා ඇති බවත් ඒයට විරෝධය දක්වමින් සිය සාමාජික සුරක්ෂිතාවය තහවුරු කිරීම වෙනුවෙන් අදල ක්‍රියාමාර්ගය ගන්නා බවත්, මානුෂිය හේතූන් මත ගාල්ල මහමෝදර රෝහල තුළ හැර අනෙකුත් දකුණු පළාත් සියළු රෝහල් වල වර්ජන කළ සීමාව තුළ ඖශධ නිකුත් නොකරන බවත් එම සංගමය විසින් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.




Related News