தமிழ்
English
Contact
Wednesday 27th September 2017    
බංකොලොත් ශ්‍රී ලංකන් සේවකයන් 1200ක් ගත්තෙ යහපාලනයෙන් « Lanka Views | Views of the truth

බංකොලොත් ශ්‍රී ලංකන් සේවකයන් 1200ක් ගත්තෙ යහපාලනයෙන්



පසුගිය වසරේදී මිලියන 2200ක් පාඩු ලබා ඇති ශ්‍රි ලංකන් ආයතනයට යහපාලන ආන්ඩුව පත්වීමෙන් පසුවද සේවකයන් 1200ක් බදවාගෙන ඇත.මෙම කරුනු අනාවරණය වීමත් සමග ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මන්ඩලය කැබිනට් මන්ඩලය හමුවට කැදවා ප්‍රශ්න කිරිමට තීරණය කර තිබේ.

විෂයභාර ඇමැතිවරයා ලබා දෙන නියෝගවලට අනුව කටයුතු නොකරමින් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන තත්වයක් ඇතිව තිබේ.  මෙම තත්වය නිසා ඇමති මන්ඩලය තීරණය කර ඇත්තේ ඔවුන් කැදවා කරුනු විමසන්නටය. කෙසේවෙතත් මේ පිළිබද අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ යහපාලන ආණ්ඩුව පත්වූ පසුව සිදුව ඇති අක්‍රමිකතා විමසා බලන්නට නම් ඒ සියලු ආයතන කැබිනට් මන්ඩලයට ගෙන ආවද පලක නොවන බවයි. නමුත් ඔවුන් පෙන්වා දෙන ආකාරයට ඇමති මන්ඩලය සියල්ලට පෙරාතුව කළ යුතු වන්නේ කමන් විසින් ජනතාව වෙත සිදු කළ අක්‍රමිකතා පිලිබද වගකියන්නට සමත් වියයුතුව ඇත. නිදසුනක් ලෙස ආණ්ඩුව විසින් ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට නොහැකි වීම ගැන පිලිතුරු දියයුතුව ඇත.




Related News