ලියුම් ඉරපු අයට දඬුවම් – ඇත්ත ලියුම් ඉරලා නැතිලු!

slfp-logo

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නැයි දන්වා යැවූ ලිපි මාධ්‍ය හමුවකදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වැදගත් තීරණ රැසක් ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මේ අතර ඔවුන් එම ලිපි ඉරාදමා නැති බවත් ඉරා දමා ඇත්තේ ලිපිවල ඡායා පිටපත් පමණක් බවත් පුවත්පත් වාර්තා කර තිබේග ඇතැම් පලාත්පාලන නියෝජිතයන් ලිපි අතැතිව සම්මුඛ පරීක්ෂණ වලටද සහභාගී වී තිබේ.

ජන සටන පාද යාත්‍රාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස් වූ පළමු අවස්ථාව මෙය වුවත් පාද යාත්‍රාව සම්න්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී යොමු වී තිබුණේ ඉතා අඩු අවධානයකි.