ලලිත්-කුහන් ගැන ආයෙත් සී. අයි. ඩී.යෙන් විමසයි
Posted on 08.05.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
2011 දෙසැම්බර් 10 දින යාපනයේදී පැහැර ගැනීමට ලක්ව අද දක්වාම තොරතුරක් නැතිව සිටින ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනා පිලිබඳ විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලා අගෝස්තු 4වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද බව එම පක්ෂය පවසයි.
අදාළ පැමිණිල්ල ලලිත් කුමාර් වීරරාජුගේ පියා වන ආරුමුගම් වීරරාජු විසින් කරන ලද අතර මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ ල සහ නීතීඥවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී සහ මෑතකදී 2015 සැප්තැම්බර් 10වැනිදා සහ 2016 ජනවාරි 5වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ මුත් ඒ සම්බන්ධයෙන්ද අවම වශයෙන් විමසීමක් පවා සිදුකර නැති බව එහිදී අවධාරණය කෙරිණි. විමර්ශන ප්‍රමාද වන්නේ සාක්ෂි මදකම නිසා බව පැවසුවද මැයි 13වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂක අමාත්‍යාංශය මේ ගැන දන සිටි බව ප්‍රකාශ කර ඇතැයි එහිදී මාධ්‍ය වලට අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පැවසීය. එම සාක්ෂි මත විමර්ධන ඉදිරියට ගෙන යා නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ලලිත් – කුගන් අතුරුදන් වීම පිළිබඳ මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කළ විට නීතිවිරෝධී රඳවාගැනීමක් සිදුවී නැති බවත් අතුරුදන් වීමක් සිදුවී නැති බවත් ඔවුන් ඉන්නා බවත්’ කෙහෙළිය රඹුක්වැල්ල පැවසීයග මේ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් එසේ ප‍්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරු අනුව බවයි.
මෙහිදී නීතීඥයන් නැවත ප‍්‍රශ්න කර සිටියේ 2011 දෙසැම්බර් මස 15 දා වන විට ආරක්ෂක අංශ භාරයේ ඔවුන් හිටි බවට සහතිකයක් තිබේද යන්නය. එවිට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා කියා සිටියේල ඒ වෙද්දී සිටි බවට සහතික කර තිබූ බවත් ඉන් පසු සිදුවූ දෙයක් තමන් නොදන්නා බවත්ය.
Related News