ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 413ක් අසීරු ඉලක්කයක්

17-years.web

දෙවන ටෙස්ට් තරගයේදී සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 413ක ඉලක්කයක් ලබාගත යුතුය. මෙවැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අතිශ්‍ය දුෂ්කර කාර්යයයක් හමුවේ ඉදිරි දින තුන තුල ගාල්ල ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුව අැත.

අද දින ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට රංගන හේරත් පත්විය. මීට පෙර එම දක්ෂතාවය දැක්වූයේ සිම්බාබ්වේ පිලට එරෙහිව නුවන් සොයිසා විසිනි.

ඊයේ ආරම්භවුණු දෙවන ටෙස්ට් තරගය තුල ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී පන්දුවාර 73යි එක් පන්දුවකදී ලකුණු 281ක් ලබා ගැනීමට සමත් විය.

එම ලකුණු ලබා ගැනීමේදී කුසල් ජනිත් පෙරේරා 49, කුසල් මෙන්ඩිස් 86, ඇන්ජලෝ මැතිව්ස් 54, ධනංජය ද සිල්වා37, ඩිල්රුවන් පෙරේරා16, රංගන හේරත් 14 විසින් ලබා ගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 33 පන්දු දෙකකදී ලකුණු 106ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ඩේවිඩ් වෝනර් 42ක්ද, මිචෙල් මාෂ් 24ක්ද ලබා ගත් අතර අනෙකුත් පිතිකරුවන්ට සිය ඉනිම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ශ්‍රීලංකා පන්දුයවන්වන වන රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා ඉඩ නොදුනි.

ඉන් පසුව නැවත ශ්‍රීලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සදහා අද දින පන්දුවට පහරදීමට අවස්ථාව ලැබුනු අතර සිය දෙවන ඉනිම සඳහා පන්දුවාර 59යි පන්දු තුණකට මුහුණදී සිය දෙවන ඉනිම ලකුණු 237 සියලු දෙනාම දැවී ගියේය.  දෙවන ඉනිම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා 35, ඇන්ජලෝ මැතිව්ස්47, දිනේෂ් චන්දිමාල්13, ධනංජය ද සිල්වා34, දිල්රුවන් පෙරේරා 64, රංගන හේරත් 26 ලබා ගැනීමට සමත්විය.

අද දිනය අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර හයක් තුලදී කඩුළු තුණක් දැවී ලකුණු 25 ලබාගෙන ඉතා අසීරුතත්වයකට පත්ව සිටී.

දෙවන දිනය අවසාන වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 413ක් ඉලක්කයක් වෙත පිවිසීමේ අභියෝගයට මුහුණු දෙමින් සීටී.

මීට ප්‍රථම ඕස්ට්‍රේලියානු කණ්ඩාමක් ශ්‍රීලංකාව හමුවේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගියේ 2004 වසරේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී ලකුණු 120ට දැවීයාමෙනි.