සනත් නිශාන්ත එළවයි

sanath-nishantha.web

 එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ඊයේ (04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව මාධ්‍ය වලට ප්‍රකාශ කළේය. පක්ෂ විනය කඩ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ආරංචි මාර්ග කියයි.