අගෝස්තු 5 වන දින එනම් අද දින විශ්වවිද්‍යාලවල සේවයට වාර්තා නොකරන පරිවාස හා පුහුණු කාලය තුළ සේවයේ නියුතු සියලුම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සේවය හැරගියා සේ සලකනු ලබන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ඩි සිල්වා මහතා අත්සනින් යුතුව ඊයේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයිග ඉල්ලීම් ගණනාවක් මත දැනට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් වැඩවර්ජනයට අවතීර්ණ වී ඊයේ (04) දිනට දින 09ක කාලයක් ගතවී ඇතග වැඩ වර්ජනයක නිරත වීමේ කම්කරු අයිතියට එරෙහිව මීට පෙර 1980 ජුලි සමස්ත මහා වැඩවර්ජනයේදීද එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවැනි තීන්දුවක් ගත්තේය.
මේ අතර විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එල්.ඩී.ජී. රිච්මන්ඩ් කියා සිටින්නේ රජයේ මර්දනකාරී ක්‍රියා තුළින් තම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නැවැත්විය නොහැකි බවයි. තමන්ගේ සාධාරණ ඉල්ලීම් වලට කන් නොදෙමින් අයිතිවාසිකම් ඉල්ලන සේවකයින් මර්දනය කිරීමට, හිරිහැර කිරීමට කටයුතු කරන්නේ නම් දැනට ක්‍රියාත්මක වෘත්තීය අරගලය තවත් දැඩි කිරීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කම්කරු අයිතීන් උදුරා ගන්හීමට එරෙහිව අනධ්‍යයන කාර්ය මණ්ඩල සමග එක්ව ක්‍රියාත්මක වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයද පවසයි.