මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමට ආණ්ඩුවට බල කරමින් ඊයේ දිවයින පුරා පැවති ක්‍රියාමාර්ගය අතිශය සාර්ථක බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිව අඛණ්ඩව විරෝධතාවයේ යෙදීමට තීරණය කොට තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
ඊයේ දිවයිනේ නගර 200ක් ආවරණය වන පරිදි පත්‍රිකා ලක්ෂ10 ක් බෙදා හැරීමේ හා විරෝධතා බැනර් අත්සන් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එයට ධනාත්මක මහජන ප්‍රතිචාර ලැබුණු බව වාර්තා වේ.