එට්කා ආපහු එයි – සාකච්ඡා ඇරඹෙයි

yksingha.web

යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු වටයේ සාකච්ඡා ළඟදීම ආරම්භ වනු ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා ඊයේ (04) කොළඹ දී පැවති ඉන්දු – ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සැසිවාරයකට එක්වෙමින් පැවසීය.

එට්කා ගිවිසුම මගින් ඉදිකිරීම්ල තාක්ෂණික, වෘත්තීය පුහුණු, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල මානව සම්පත් හුවමාරුව සඳහා ඇති බාධා ඉවත් කරන බවද ඔහු එහිදී පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 වසරේ සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර ඉදිරිපත් කළ අදාළ යෝජනාව මගින් දෙරටටම වාසි රැසක් අත්කර ගත හැකි බව වයි.කේ. සිංහා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව ළඟදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට පැමිණිමට නියමිතය.