වකුගඩු ජාවාරමේ සැකකරුවෙක් පලා යයි

kidny

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින වකුගඩු ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනාගෙන් එක් අයකු පලා ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

මෙම පිරිස අධිකරණ නියෝග මත මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවනු ලැබ සිටිති.

ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු මත ජාත්‍යන්තර පොලිසිය හරහාද විමර්ශන සිදු වන බව අධිකරණයට දැනුුම් දුන් රහස් පොලිස් නිලධාරීන් වකුගඩු ජාවාරමට සම්බන්ධ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති තොරතුරු ලබා දෙන ලෙස නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය. ඒ අනුව එම තොරතුරු පොලිසියට ලබාා දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් අධික්ෂණ අංශය වෙත නියෝග කළේය.

මෙම ජවාරමට සම්බන්ධ ලංකාවේ ප‍්‍රධාන වෛද්‍යවරුන් පිළිබඳව නිසි විමර්ශනයක්් සිදු නොවන බවත් ඊට පහසුකම් සැපයයූ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් විමර්ශන දියත් වන බවත් චෝදනා එල්ල වී ඇත.

Leave a Reply