වසර තුනක් ඇතුළත 7 % කින් මෙරට මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වලින් පෙනී ගොස් ඇති බව දුම්කොළ හා මධ්‍යසාර වැලැක්වීමේ ජාතික අධිකාරීයේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි. 2011 වසරේදී 29%ක්ව තිබු වැඩිහිටි පිරිමි ජනගහනයෙන් මත්පැන් භාවිතා කරන ප්‍රතිශතය 2015 ඔක්තෝබර් වනවිට 36%දක්වා ඇදහිය නොහැකි වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ඔහු පවසයි. සමාජය තුළ පීඩනය, අතෘප්තිය සහ අපේක්ෂා භංගත්වය වර්ධනය වීමත් මත්ද්‍රව්‍ය භාවිතය ඉහල යාමත් අතර සම්බන්ධයක් ඇති බව සමාජ විද්‍යාඥයෝ පවසති.