සරසවි පාලනයට නව නීති 

Student-suspression

විශ්ව විද්‍යාල පාලනය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. නවක වදයත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයත් තුරන් කිරීම මෙම නව නීති වල අරමුණ බව වැඩිදුරටත් අගමැතිවරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ ‘ නවක වදය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය නිවාරණය කිරීමේ උපදේශාත්මක සංවාදය’ නමින් කොළඹ පැවැත්වුණු වැඩමුළුවකදීය.

කෙසේ වෙතත් මේ නව නීති ආණ්ඩුවට අභියෝගයක් බවට පත්ව ඇති ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීමේ මර්ධන නීති වීමේ ඉඩකඩ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Leave a Reply