ලක්ෂ ගණනක් අවතැන් සහන සැලසීම් ප්‍රමාණවත් නැහැ – පීඩාවටපත් අයගෙන් මැසිවිලි

aranayaka01

පසුගිය දින කිහිපය තුල පැවැති අයහපත් කාලගුණික තත්වයත් සමග ඇති වූ ජල ගැලීම් හා නායයාම්වවලට හසුව මේවන විට මියගිය ගණන 58 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුළු ආපදාවට ලක්වූ අනෙකුත් දිස්ත්‍රීක්කවලින් ඉහත මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති බවත් මිය ගිය ගණන මීට වඩා වැඩි වීමටද ඉඩ ඇති බවයි.

එසේම තවත් පුද්ගලයින් 132 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පවුල් 98,076කට අයත් පුද්ගලයන් 414,627ක් පීඩාවට පත්ව ඇති අතර ඒ අය අතරින් පුද්ගලයන්  223,687ක පිරිසක් අවතැන්වී ඇති බවද වාර්තාවේ.

කෑගල්ලදිස්ත්‍රික්කයේ බුලතකොාහුපිිටිය හා අරණායක ඇතුළු නායයාමට ලක්වූ ස්ථානවල පස්වලට යටවූ පුද්ගලයින් බේරාගැනීමේ කටයුතු හමුදාවේ සහයෙන් ආරම්භ කර ඇති අතර පවත්නා අයහපත් කාලගුණික තත්වය  එම කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මේ අතර අරණායක නායයෑමට ලක්වු ප්‍රදේශය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය ජනතාවගෙන් ඉල්ලා ඇත.

කෙසේවෙතත් නායයෑමෙන් අතුරුදන්වුවන් සෙවීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ වන විට අරණායක ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

බොහෝ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාව පවසන්නේ අදාල බලධාරීන් මැදිගත්වීම ප්‍රමාණවත් නොමැති බවයි.

aranayaka02aranayaka03

aranayaka04

aranayaka05