හොලිවුඩ් සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටයකට පළමුවර ලාංකික නිළියක් සම්බන්ධ වී සිටින බව ජනමාධ්‍ය වාර්තා සදහන් කරයි. 2017 වසරේ තිරගත වීමට නියමිත Justice League නම් ක්‍රියාදාම චිත්‍රපටයේ Bio Hazard Soldier චරිතයට පන පොවන්නේ ශලිනි විසින්. Super Hero Comic Hit චිත්‍රපටයක රංගනයෙන් දායක ශලිනි පිරීස් ලංකාවේ ඉපිද ලංන්ඩනයේ පිහිටි Acting program and Arts and Arts Educational පාසැලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන වන දැනට එංගලන්තයේ ජීවත්වන්නියකි. මෑතකදී “The Huntsman: Winter’s War” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ලංකාවේ, බ්‍රිතාන්‍ය හා හොංකොං පුරවැසිකම හිමිකාරියකි.


