ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් 1989 වසරේද පැනමා රාජ්‍ය ආක‍්‍රමණය කිරීමේ සිදුවීම පිළිබදව සිය රට තුල පරීක්ෂණයක් ආරම්භ කිරීමට පැනමා රජ්‍ය තීරණය කර ඇතැයි වාර්තාවේ.
එම පරීක්ෂණ ගැන සිය අදහස පළකළ එරට උප ජනාධිපතිනිය හා විදෙස් අමැතිනිය වන ඉසබෙල් ද සෙන්ට් මාලෝ පවසා ඇත්තේ මෙම පරීක්ෂණය මගින් සත්‍ය කරුණු රැසක් හෙළිකරගැනීමට හැකිවනු ඇති බවයි.
ඒ අවදියේ පැනමාව පාලනය කළ හමුදා නායක ජෙනරාල් මැනුවෙල් නොරිගා විසිනි. පසුව මත්ද්‍රව්‍ය චෝදනා මත එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක අංශ විසින් 1990 ජනවාරි මස 03 දින අත් අඩංගුවටගෙන ඇමෙරිකාවට ගෙනයන ලදී. මේ වන විට හිටපු හමුදා නායක මැනුවෙල් නොරිගා එක්සත් ජනපදයේ සිරදඩුවම් විදිමින් සිටී.
ඒ 1983 සිට 1989 දක්වා කාලය තුල පැවැති පාලන සමයේදී පැනමා වැසියන් දහස් ගණනක් අතුරුදහන් කිරීමට නොරිගා සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබේ.
වසර 1989දී ඇමෙරිකාව විසින පැනමා රාජ්‍ය ආක‍්‍රමණය කිරීමේ මෙහෙයුමේදී එරට ආරක්ෂක අංශ සාමාජිකයින් හා සිවිල් වැසියන් 514ක් පමණ මියගිය බව නිල වශයෙන් වාර්තා කර තිබුනත් සෑබෑ තත්වය ඊට වඩා වැඩි බව එරට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කි‍්‍රයාකාරීන් පෙන්වා දෙයි. මෙම ආක‍්‍රමණයේදී එක්සත් ජනපද හමුදා නිළධාරීන් 23 දෙනෙකුද මියගොස් ඇත.