පසුගියදා තුර්කයේ සිදුවූ හමුදා කුමණ්ත්‍රණය පිළිබද එරට ජනාධිපති එර්ඩොන්ට රුසියාව විසින් කල් තියා දැනුවත් කිරීම හේතුවෙන් එය ව්‍යාර්ථ කළ බව වාර්තාවේ.
ඉරාන මාධ්‍ය විසින් මේ පිළිබද හෙලිකර ඇත. සිරියාව තුල පිහිටි රුසියානු ඔත්තු සේවය විසින් තුර්කිය තුල හමුදා කුමණ්ත්‍රණයක් දියත්වන බවට කල් තබා දැන සිට ඇත. රැසියානු ඔත්තුසේවා නිලධාරින් භාවිත කරන අධිතාක්ෂනික සංඥාග්රාහක විසින් ලබා ගන්නා ලද තොරතුරු එක් රැස් කිරීමෙන් මෙම කුමණ්ත්‍රණය පිළිබදව තොරතුරු ලබාගත් රුසියානු රජය එරට ජනාධිපතිවරයාට දැන්වීම හේතුවෙන් මෙම හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකිවී ඇතැයි අනාවරණය වී තිබේ.
එයට මූලිකම හේතුව වී ඇත්තේ තුර්කි ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම්කර තිබූ ගුවන් හමුදා ප්‍රහාරය ගැන තොරතුරු රුසියාව විසින් කුමන්ත්‍රණය දියත්වීමට සසුළු මොහොතකට කලින් තුර්කි ජනාධිපතිවරයා වෙත දන්වා සිටීම හේතුවෙනි.
තුර්කිය ආසන්නයේ සිරියාව තුල පිහිටි ලට්ටාකියා ගුවන් හමුදා කදවුරේ පිහිටි රුසියානු බුද්ධි අංශ වසින් විසින් මෙම තොරතුරු තුර්කි බුද්ධි අංශ වෙත ලබාදීමෙන් මෙම හමුදා කුමන්ත්‍රණය මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇතැයි වාර්තාවේ.