කොස්ගමට එල්ලවූ ‘බර අවි ප‍්‍රහාරය’

කොළඹ නගරයට තරමක් ඈතින් වුවද ජනාවාස පිහිටි එමෙන්ම ප‍්‍රධානතම මාර්ගයක අසලම පිහිටි සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් රටේ මහත් ආන්දෝලනයක් ඇති විය. එහිදී පුපුරා ගියේ නන්දිකඩාල් සමූල ඝාතනයෙන් පසු අසුරා තිබු විවිධාකාරයේ උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයකි.

මේ සිදුවීමත් සමඟ විවිධාකාරයේ ප‍්‍රශ්න සමාජය තුළ නැගෙන්නට විය. ඉන් ප‍්‍රධාන කරුණක් වූයේ වසර 30ක යුද්ධයේදී උතුරු නැගෙනහිර ජනයා මත ඉලක්කසහගතව පතිතවූයේ මෙවැනි උණ්ඩ නොවේද යන්නයි. තවත් කරුණක්වූයේ මේ සිදුවීම ඔස්සේ දකුණටද උතුරේ යුධ විනාශයේ තරම තේරුම් ගත හැකි බවයි. ඒ අතර මතු වූ තවත් අදහසක් වූයේ මෙතරම් ජනාකීර්ණ ජනාවාස ප‍්‍රදේශවල හමුදා කඳවුරු සහ අවි ගබඩා පවත්වාගෙන යාම පිළිබඳවයි. මේ ආකාරයෙන් නැගෙන විවිධ ප‍්‍රශ්න අතර නිශ්චිත දේශපාලනයක් අප අතරට ඒ. ඒ රට තුළ සිදුවෙමින් පවතින මිලිටරීකරණය සහ ඊට එරෙහි ජනතා අරගලයයි.

මිලිටරීකරණයට අදාළ ලාංකීය දේශපාලනයේ අත්දැකීම් වඩාත් ඉස්මතුවීමට පටන් ගන්නේ මෑත කාලීන දේශාපාලනයේය. නමුත් 71 අරගලයත් සමඟ හදිසි නීතියද ඒ හරහා අවසානයේ මල මිනී පරීක්ෂාවකින් තොරව වලලා දැමීමේ නීතියද අපරාධ යුක්ති විනිශ්ච කොමිසම් සභාව වැනි අතීතියට බලපාන අණ පනත්ද සම්මත කෙරුණු අතර පහරදීම් බියවැද්දීම් මහමග මරා දැමීම් සහ පුළුස්සා දැමීම්වල සිට අවලාද මඩ ප‍්‍රචාර ඇතුලූ මානසික යුධ උපක‍්‍රමද දිගින් දිගටම භාවිතයට නගන ලදී. ලෝක පරිමාණයෙන්ද සලකන කළ මැලේසියාව, ඉන්දුනීසියාව, මෙන්ම වියට්නාමය තුළද වෙනත් රටවල් බොහෝමයකද මෙවැනි තත්වයන් ප‍්‍රදර්ශනය විය. විශේෂයෙන් පසුගිය සියවසේම පාහේ විවිධ ආකාරයන්ගෙන් ලොවපුරා මිලිටරීකරණයට ලක්වූ ඉතිහාසයක් අපට මුණගස්වයි.
ජාතික රාජ්‍යයන් ගොඩ නැගීමට අයත් මුළු ඉතිහාසය පුරාම මෙවැනි අත්දැකීම් අපට මුණගැසේ. එහිලා විවිධ ජන කොටස් ජාතිකත්ව පදනමින් පලවාහරිමින් සිදු කළ අත්පත්කරගැනීම් ලොව පුරාමත් වාර්තා විය. මෙමගින් දැකගත හැකි විශේෂ ලක්ෂණය වන්නේ එය ක‍්‍රමානුකූළව මිලිටරි යාන්ත‍්‍රණය බලවත් වූ හා එය ජන ජීවිත තුළට කඩා වැදුනු දෘෂ්ටිවාදයන් තත්වයට ඉහළට එසවුනු බවය.

මෙය ලාංකීය දේශාපාලනය දෙස හැරී බලන විට වඩාත් පැහැදිළි කොට ගත හැකි කරුණකි. විශේෂයෙන්ම මේ තත්වය දෘෂ්ටිවාදයක් ලෙසට අප ජීවිත තුළට එකතු වන්නේ නව ලිබරල් ආර්ථික ක‍්‍රියාවලියත් සමගය. 77 දී නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ ආර්ථිකය ගෝලීය ධනවාදයට ඍජුව විවෘත කරන විට ඒ හා සමගාමීව රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ ඉහළට එසවූයේ මර්දනයයි. ඒ සඳහා සැකසූ පළමු මර්දන පනත වූයේ. 78 දී සම්මත කරගත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණතයි. එයට එරෙහිව එදා වාමාංශය එකට එක්ව විරෝධතා දැක්වූවද පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් අතැතිව සිටි ජයවර්ධන උතුර පෙන්වා එය සම්මත කරගනු ලැබීය.

2016.07.17 stf ඊට සමගාමීව මිලිටරියේ නව අණුඛන්ඩයන් එළියට ආවේය. එහි ප‍්‍රධාන වැඩ කොටසක් ඉටුකල එක් මිලිටරි ඒකකයක් වූයේSTF එකයි. එය දකුණේද විශේෂයෙන් නැගෙනහිරද දැවැන්ත මර්දනීය වැඩ කෙටසකට සහභාගී වූ හමුදා එක්කයක් විය. සමූල ඝාතනය තුළ ජනයාගේ පුළුල් විරෝධය එල්ලවන හැම මොහොතකම එකිනෙක හමුදා ඒකක තාවකාලිකව සීරුමාරු කිරීමටද මර්දන යාන්ත‍්‍රණයට හැකි විය. එහිලා විටෙක හකුලා තවත් තැනෙක ජනතා සහය ලැබෙන ආයතනයන් බවට මර්දන ඒකක පත්විය. මෑතකදී සිදු වූ පොලිස් බලහත්කාරය සමඟින් මියගිය ඇඹිලිපිටියේ තරුණයාගේ සිදුවීමේදී පාලකයන් වහා සිදු කළේ පොලීසිය වෙනුවට STF අනියුක්ත කිරීමය. එවිට පොලිසියට එරෙහිව ීඔත්‍ මහත්වරුන් සුහදව පිළිගැනීමට ජනතාව එකඟ විය. මේ STF එකම 88/89 දී ඇඹිලිපිටියේ ගම් බිම් දෙවනත් කළ බව අද දවසේ ජනයාට මග හැරී ඇත. ඒ අර්ථයෙන් සලකන විට පෙනී යන මූලික අදහසක් වන්නේ මිලිටරීකරණය තුළ ඇති එහි ලක්ෂණයක් වනුයේ මර්දන ඒකක වලට ඇලූම් කරන ජනතාවන් ඔවුන් විසින් ගොඩනගා ඇති බවය. එය වඩාත් ඔප්නැන්වූයේ උතුරට එරෙහි හමුදා මෙහෙයුම් තුළය. හමුදාව හා පොලිසිය පිළිබඳව කලක පටන් වාමාංශික පක්ෂ විසින්ද තමන්ගේම වූ ජීවමාන අත්දැකීම් මඟින්ද ජනතාව දැනගෙන සිටී.

නමුත් උතුරේ හමුදා මෙහෙයුම් තීව්‍්‍ර වීමත් සමඟ එම අත්දැකීම් අත්හැරදමන ස්වරූපයක් සමාජය දකුණේ සමාජය තුළ ඇති විය. ක‍්‍රමාණුකූලව හමුදාව දේශපේ‍්‍රමී රණ විරුවන් බවට පත් වන්නට විය. එවිට එය උතුරට අදාළව ආක‍්‍රමණික සිංහල හමුදාව ලෙසත් දකුණට අදාළව දේශපේ‍්‍රමී රණ විරුවන් ලෙසත් භෞතිස්ම විය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වූයේ ජනතාව ඍජු ලෙසම යුද්ධයේ පංගුකාරයකුගේ වැඩ කොටසට දායකවීමය. එවැනි තත්වයක් විසින් එදිනෙදා ජීවිතයේ ආහාර ශ‍්‍රම වැගිරීම තරමටම කිට්ටු වූ ජනතා මනස තුළ කිඳා බැසීමක් මිලිටරියට හිමි විය.

එවිට සිය රඳවාතබා ගැනීමේ කාලය පැය 24 – 48 බවට පත්කොට ගනිමින්ද නව නීති සම්පාදනය කරගනිමින්ද ජාතික ආදායමින් සැලකිය යුතු ඉහළ පංගුවක් යුධමය කටයුතු සඳහා වෙන් කොට ගනිමින්ද ජනාවාස ලඟ හමුදා කඳවුරු ඉදිකරමින්ද උතුරේ ජනයා මත හිතු හිතූ හැටියට උණ්ඩ පතිතකරමින්ද යුධ සාහිත්‍යන් හා සංස්කෘතියක් නිර්මාණය කරමින්ද කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා යුධ කාමීත්වයේ ගොදුරු සොයමින්ද කල් අරින මිලිටරීකරණයේ අනිවාර්ය ගොදුර බවට පත්විය.

එහි තවත් අංගෝපාංග රැසක් විය. අසූගණන්වල සිට පැහැරගැනීම් අතුරුදන් කිරීම් සිය ගණනින් පළ විය. ඒ අනුව 2000 පටන් ගැනීමක් නොව දිගින් දිගටම ලාංකීය සමාජයට විඳින්නට සිදු වූ නිශ්චිත දඬුවමක් විය. ඒත් ඊට එරෙහිව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් එක එල්ලේ විරෝධය පාන සමාජයක් සිවිල් ක‍්‍රියාකරියකයන් පක්ෂවල බලගතු විරෝධයන් අපට දැකගත නොහැකිවිය. සමාජය එය ඉතා හොඳින් ඉවසාගෙන සිටියේය. කොටින්ම එසේ හිරවට්ටනු ලැබූ සමාජයට තවදුරටත් දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නයද නිදහස පිළිබඳ ප‍්‍රශ්නයට සම්බන්ධයක් නොවීය. එය තමාගේ නිදහසට අදාළ නොවන වෙනත් අයෙකුගේ නැත්නම් කොටින්ගේ නිදහසට අදාළ ප‍්‍රශ්නයක් විය. මිලිටරීකරණය එක් ස්වරූපයක් දිස් වූයේ එසේය. නිදහස පිළිබඳ ප‍්‍රශ්නය අදාළ නොවීම එහි කැපීපෙනෙන කරුණකි. එවිට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය කැඳවීමට අවශ්‍යතාවයක් නැත්තේය.

මෙසේ ලාංකීය සමාජය තුළ රාජ්‍ය මර්දනයේ වත්මන් ස්වරූපය, නැත්නම් මිලිටරීකරණය අපට ගොදුරක්කොටගෙන ඇති සීමාව ඉතා හොඳින් නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. වත්මන් ධනවාදී ලෝකය එය වඩාත් පාරිබෝජනවාදී සංස්කෘතියක් ගොඩනැගූ අතර එයට සමාන්තරව මැක්ඩොනල් කරණය නම් වන අවන්හල්බද ආහාර සංස්කෘතික්ද ඇති විය. මිලිටරීකරණයද එවැනිම තවත් ආකාරයකි. මේ සියල්ල එකට ගෙන ධනවාදය තේරුම් ගැනීම තුළින් පමණක් එය පැරදවිය හැකිය.

2016.07.17 salawa explosion