අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව ඉහළ දැමූ බස් ගාස්තු ‘ජාතික ප්‍රවාහන කොමිසම‘ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 8 සිට 9 දක්වා ඉහළ දමා ඇත. දෙවැනි මට්ටමේ ගාස්තුව රු. 12ක් වන අතර ඉන් පසුව රු. 4 බැගින් පියවර 5ක් ගාස්තු ඉහළ නංවනු ඇත.
ගාස්තු ඉහළ දැමීමේ තීරණයට අනුව අන්තර් පළාත් – නගරාන්තර, සුඛෝපබෝගී-අර්ධ සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් ගාස්තුද ඉහළ නැංවේ. අධිවේගි මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රු. 390ක්ද මහරගම – මාතර දක්වා රු. 470ක් සහ කඩුවෙල සිට මාතර දක්වා රු. 490ක්ද වනු ඇත.
පහත දැක්වෙන්නේ ජාතික ප්‍රවාහන කොමිසමේ බස් ගාස්තු ඉහළ නැංවීමේ සටහනයි.





