කෝප් කමිටුවේ වාර්තාව සූදානම් – නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරිම දිගටම!

2016.07.21 sunil handunnetti

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු කාර්තුවේ වාර්තාව පළමු කාර්තු වාර්තාව අවසන් කිරීමට රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සඳහන් කරයි. කෝප් කමිටුවේ සභාපති ලෙස ජනමාධ්‍ය වෙත කරුනු දක්වමින් මන්ත්‍රීවරයා කළ අදහස් දැක්වීමට අනුව මෙතෙක් කල් සිදුකළ විමර්ශන වලට අදාළව කෝප් කමිටු වාර්තාව මේ වනවිටත් භාෂා තුනෙන්ම සකස් කර තිබේ.

මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සහ රූපවාහිණී සංස්ථාවේ නිළධාරීන් එම ආයතන සම්බන්ධ විමර්ශන සදහා කොප් කමිටුවට කැදවා ප්‍රශ්න කළ බවයි. ඉදිරි දිනවල ජාතික ලොතරැයි මණ්ඩලයේ නිළධාරීන් කැඳවා තිබේ. එම ආයතන වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳව පසුගිය කාලයේ එල්ල වූ චෝදනා එසේ ප්‍රශ්න කිරීමෙන් පසුව විමර්ශනය කිරීමට අපේක්ෂිතය.