ලංකාවට තවදුරටත් පූර්ණ සහයෝගය දැක්වීමට සූදානම් බව ලෝක බැංකු වේ මෙරට කාර්යාලය වෙනුවෙන් පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහව් මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවූ අවස්ථාවේ පවසයි.
“ක්‍රමෝපාය නගර සංවර්ධන ව්‍යාපෘතිය”සඳහා ලෝක බැංකුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය මුදලට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අවස්ථාවේ මෙම ප්‍රකාශය සිදුකර තිබේ. ලංකාව සාර්ථකව ආර්ථික අභියෝග ජයගනිමින් ඉදිරියට ගමන්කරමින් සිටින බවද ලෝක බැංකු අධ්‍යක්ෂකවරිය මෙහිදී පවසා ඇත.
ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තබා ඇති විශ්වාසනීයභාවය ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට ඉමහත් ශක්තියක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ප්‍රතිචාර දක්වමින් පවසා තිබේ.