ඉන්දියානු ඇන්ටනොව් 32 යානයක් අතුරුදන්!

2016.07.22 antonov 32

අන්දමන් හා නිකොබාර් දූපත් බලා පියාසර කළ ඉන්දිය හමුදාවේ ඇන්ටනොව් 32 යානයක් බෙංගාල බොක්කේ දී අතුරුදන් වූ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කරයි. රුසියාවේ ඇන්ටනොව් 32 ප්‍රවාහන යානය මෙසේ අතුරුදන්ව ඇත්තේ ගුවන් ගත වී මිනිත්තු 15 කින් යානය සමඟ සබඳතා බිඳවැටීමෙන් පසුවය.

 එයින් පසුව, ඉන්දියා ගුවන් හමුදාව නාවික හමුදාව වෙරළාරක්ෂක සේවය යානය සොයා මෙහෙයුමක් ඇරඹීය. මෙවැනි අවස්ථාවක දී ඉබේම ක්‍රියාත්මකවන පිරික්සුම් පහනක් ඇති නමුත් අද පස්වරු 2.30 වන විටත් පිරික්සුම් පහන හමුවී නැත. යානයට අනතුරක් වූයේ නම් මුහුඳෙන් උඩට මතු වන සුන් බුන්වලින් එම අනතුර පිළිබද සෙවිය හැකි නමුත් එවැනි සුනු බුන් හමුව නැත.

ඉන්ධන ටැංකි පුරවාගත් විට පැය 4 ක්පියාසර කළ හැකි මෙවැනි යානා 100 ක් පමණ ඉන්දියා ගුවන් හමුදාව සතු වෙයි. දැනට එවන් ගුවන් යානා 9ක් අනතුරට පත්ව ඇති බව වාර්තා පෙන්වයි. ලංකාවේදීද මෙම වර්ගයේ යානා දෙකක් අනතුරට පත්ව තිබේ. 70 දසකයේ රුසියාවේ නිෂ්පාදිත මෙම වර්ගයේ ගුවන් යානා ප්‍රවාහන කටයුතු සදහා තවදුරටත් භාවිතයට ගත්තද ඒවායේ කාලය ඉකුත්ව ඇති බව ඇකැම් ගුවන් යානා විශෞෂඥයන්ගේ අදහසයි.

Leave a Reply