යුරෝපා පාපන්දු පිටියේ ගැටුම් – පැරීසියේ වීදි පුරා වර්ජක දඩයමක්

පැරිස් නගර මධ්‍යෙය් පොලිසිය හා ගැටුනු උද්ඝෝසකයෝ

පැරිසියේ පැවැත්වෙන ‘යුරෝපා පාපන්දු කුසලාන‘ තරගාවලියේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද ලෝකයේ ජනමාධ්‍ය අවධානය යොමු වෙද්දී එරට වැඩ කරන ජනතාව පැරිස් නගරයේ අරගලයක නිරත වූහ. ප්‍රංශ ආණ්ඩුව කම්කරු නීති සංශෝධනය කරමින් සේවක අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව පැරිස් නගරයේ පැවැති කම්කරු උද්ඝෝෂණවලට පොලිසිය විසින් පහරදීම නිසා උද්ඝෝෂකයන් සහ පොලිසියේ විශාල පිරිසක් තුවාල ලබා ඇත.

වෘත්තිය සමිති 7ක් සහ ශිෂ්‍ය සංවිධාන ඒකාබද්ධව 14 වැනිදා පැරිස් නගර මධ්‍යය වෙත කැදවූ උද්ඝෝෂන පෙලපාලියට දස දහස් ගණනක් සහභාගි වූහ. පොලිසිය එල්ල කළ ප්‍රහාරයත් සමග කලබල වූ උද්ඝෝෂකයෝ පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ළමා රෝහල්ක් හා සාප්පු පෙලක් තුලට කඩා වැදුනු උද්ගෝෂකයන් පොලිස් අත්අඩංගුවෙන් මිදීමටත් හඹා එන කැරලි මර්දක සොල්දාදුවන් පසුබස්වන්නටත් ගත් උත්සාහය නිසා දෙපාර්ශ්වයේම තුවාලකරුවන් රෝහල් ගතකරන්නට සිදු විය.

මෙම උද්ඝෝෂනයේදී 21 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පැරිස් පොලිසිය පවසයි. පැරිසියේ ප්‍රමුඛ ආකර්ෂනය වන අයිෆල් කුළුන දවස පුරා වසා තබනු ලැබුවේ එම පරිශ්‍රයට පැමිනෙන දහස් ගණන් සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබද වගකියන්නට තමන් සුදානම් නැති බව එහි පාලකයන් දැනුම් දී ඇති නිසාය. අයිෆල් කුළුණ පරිශ්‍රෙය් විද්‍යුත් දැන්වීම් පුවරුවක “Monument closed – National strike.” (ස්මාරකය වසා දමා ඇත-ජාතික වැඩ වර්ජනය) යනුවෙන් සටහන් විය. දවස පුරා ගුවන් ගමන්වලින් 20%ක් පමණ අවලංගු කළ බව ප්‍රංශ ගුවන් සේවා බලධාරින් විසින් පවසා තිබිණි.

පැරිස් විදි සටන්කරුවෙක් - අයිෆල් කුළුණ පසුබිමෙන්

පැරිස් විදි සටන්කරුවෙක් – අයිෆල් කුළුණ පසුබිමෙන්

2016.06.16 paris struggle5 2016.06.16 paris struggle4 2016.06.16 paris struggle3 2016.06.16 paris struggle2 France Strikes

Leave a Reply