අලෙවි මවුලානා අද අවසන් ගමන් යයි!

2016.05.14-duminda-disanayaka

ජ්‍යොෂ්ඨ දේශපාලකයකු මෙන්ම කලක් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වූ අලෙවි මවුලානා ඊයේ(15) අභාවයට පත් වුණි.

1948 වසරේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට පිවිසි අලෙවි මවුලානා 1956 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය. 1932 වසරේ ජනවාරි මස පළමුවන දින උපත ලැබූ හේ, මිය යන විට 84 වන වියේ පසු වුණි. කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් කටයුතු කරන ඒ මහතා 1994 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. 2001 වසරේ කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස තේරීපත් කෙරුණු අලෙවි මවුලානා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබීය. සබරගමු පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළ ඔහු 2015 වසරේ ජනවාරි මස 23 වන දින වන තුරු බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

අභාවප්‍රාප්ත මෙම ජ්‍යේෂ්ඨ දේශපාලඥයාගේ අවසන් කටයුතු අද(16) දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයේදී පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතය.

Leave a Reply