කැලනිය විශ්ව විද්‍යාල පාගමනට ප්‍රහාරයක් එල්ල වෙයි!

2016.06.15 kelaniya

කැලනිය විශ්ව විද්‍යාල සිසුන් සිරගත කිරීම ඇතුළු  කරුණු ගණනාවක් මුල් කරගෙන කැලනිය සරසවි සිසු සිසුවියන්ම අද දින පැවැත්වූ පාගමනට ප්‍රහාරයක් එල්ල කෙරිනි.

නවකවධ සිදුවීමකට මුවා වී කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් හා නවක සිසුන් ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමකට පරිපාලනයෙන් චෝදනා කර නඩු පැවරීම නිසා ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විසින් සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව ජනමාධ්‍ය මගින් හා කටකතා පතුරවමින් ගෙන ගිය ප්‍රචාරය අවසානයේ මෙම ශිෂ්‍ය මර්දනය ආරම්භ විය.

මේ අතර, කැලනිය විශ්ව විද්‍යාල කාන්තා නේවාසිකාගාරයක ශිෂ්‍යාවන් සඳහා රැස්වීමක් පැවැත්වීම පිළිබද චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති උසාවියට කැඳවා තිබේ. මහා ශිෂ්‍ය සංගමය විසින්ය පසුගිය 08 වනදා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරය ඉදිරිපිට මෙම රැස්වීම  කැදවා තිබුණේ කැළණි විශ්වවිද්‍යාලය තුල  ඇති වී තිබෙන තත්වය පිලිබඳ පැහැදිලි කිරීම සහ ගැටළු සාකච්ඡා  කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරීන් හා උප ශාලාධිපතිවරුන් එම ස්ථානයට පැමිණ ඊට බාධා කරණ ලදී. ඉන්පසුව විශ්ව විද්‍යාල පරිපාලනය විසින්  “කාන්තා නෙවසිකගරයකට යුතු ලෙස ඇතුල් වීම ”  චෝදනාව යටතේ අධිකරණය හමුවට ගොස් තිබේ. ඒ අනුව, මහා ශිෂ්‍ය සංගමයේ හා කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම්  සභාපතිවරයා ජුලි මස 5 වනදා උසාවි කැඳවා ඇත.

මෙම තත්වය හමුවේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ ආරක්ෂාවත් සරසවිය තුළ ශිෂ්‍ය දේශපාලනය සදහා මර්දනයෙන් තොර නිදහස් පසුබිමක් ඇතිකරගැනීම සදහාත් ශිෂ්‍ය ප්‍රජාව විසින් ඊයේ රාත්‍රී විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර අද දින විරෝධතා පාගමනක් සංවිධානය කෙරිනි. මෙම පාගමනට කදුළු ගෑස් හා බැටන් පොල් යොදාගනිමින් දරුනු ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කරණ ලදී.