කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පිහිටුවා තිබුණු අවි ගබඩාව පුපුරා යාමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ලබාදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ක්‍රියාත්මක වන්නෙක් කූට සැලැස්මකට අනුව බව අනාවරණය වේ.
අගමැතිවරයා කී අන්දමට වන්දි හිමිවන්නේ පූර්ණ වශයෙන් හානි වූ නිවාස හිමිකරුවන්ට පමණකි. එසේම පූර්ණ හානි ලෙස සලකනු ලබන්නේ මුලුමණින්ම විනාශයට පත්ව අැති බවට තහවුරුවන නිවාස පමණකි. ආණ්ඩුව විසින් මසකට රුපියල් 50,000ක වන්දිය ලබාදෙන්නට සූදානම් බව කීවද යථාර්ථයේදී එය හිමිවනු ඇත්තේ අතලොස්සකට පමණක් බව දැනගන්නට ඇත. මේ අන්දමට වන්දි ගන්නට සුදුසුකම් ලබනු ඇත්තේ නිවාස දෙක තුනකට වියහැකි බව සාලාව ප්‍රදේශවාසීහු ‘ලංකාවීව්ස්‘ වෙත අදහස් දක්වමින් පවසති. සිව්දෙනකුගෙන් යුතු පවුලකට මාසික වියදම රු. 52,000ක් පමණ බව මහබැංකුවේ ඇස්තමේන්තු දක්වයි. කෙසේවෙතත් සාලාව අවිගබඩාවේ පිපිරුමෙන් නිවාස හා සුරක්ෂිතභාවය අහිමිවූවන්ට යැපුම් මාර්ග ඇතැයි පූර්ව නිගමනයක් සහිතව රු.50,000ක වන්දියක් දෙන්නට රජයේ තීන්දුව විය.
සාලාව පිපිරීමෙන්එ විනාශයට පත් සෑම නිවසකම නිවැසියන් වෙනුවෙන් මෙම වන්දි මුදල හිමිවන බවට ඇගවූවද සිදුවන්අනේ පූර්ණ හානියට පත් නිවාස ගණනය කිරීමෙන් පසුව එවැනි නිවාස හිමි පවුල්වලට රු.50,000ක වන්දිය ලබාදීමයි. බොහෝ වශයෙන් ඇත්තේ නිවාසවල වහලය හෝ බිත්ති හානියට පත්වී තිබෙන තත්වයකි. විනාශයට පත් නිවාස අතර තනි මහලේ මෙන්ම දෙමහල් නිවාස ද තිබේ. ඒ අතර සම්පූර්ණයෙන් සමතලාවූ නිවාස ඇත. එහෙත් වන්දි ලබාගන්නට සුදුසු වන්නේ මේ ආපදාව නිසා ජිවනෝපාය අහිමි වූ රැකවරණය අහිමිවූ සියල්ලන්ම වුවද ආණ්ඩුව ඊට සූදානම් නැත. වන්දි ගෙවු බවට නාමිකව ප්‍රචාරය කරමින් ඇග බේරාගන්නට ආණ්ඩුව සූදානම්වන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් නිවාස හානියට පත් ජනයා චෝදනා කරති.


