ඝාතකයාගේ බිරිදට නඩු දානවා – ඇමෙරිකාව

us-killdweb

පසුගියදා ඇමෙරිකාවේ ඔර්ලන්ඩන්හි සමලිංගිකයින් සදහා වෙන්වූ රාත්‍රී සමාජශාලාවකට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමෙන් පුද්ගලයන් 50 දෙනෙකු ඝාතනය ලක්විය. වෙඩි තැබූ පුද්ගලයාද එම මොහොතේදීම වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. දැන් එරට බලධාරීන් විසින් ඕමාර් මාර්ටින්ගේ බිරිද වන නූර් සල්මාන්ට විරැද්ධව ඉහත සිදුවීමට අදාලව අපරාධ චෝ්දනාවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින් නඩු පැවරීමට කටයුතු කරන බව එරට නීති බලධාරීන් පවසයි.

මෙම ඝාතනයට සම්බන්ධ ඕමාර්  මාර්ටින්ගේ පියා ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකාවට සංක්‍රමණයවූ විගාමිකය වන අතර තම පුතා මෙවැනි සිදුවීමකට සමබන්ධවීම ගැන තමන්ට කිසිවක් සිතා ගැනීමට නොහැකි බවත් තම පුත්‍රයා ඉතා හොද ළමයකු බව පමණක් තමන්ට පැවසිය හැකි බව ඔහු මාධය වෙත අදහස් දක්වමින් පවසා තිබුනි.

එක්සත් ජනපද බලධාරීන් මෙම සිදුවීමෙන් පසුව ඕමාර්ගේ පසුගිය චර්යා හා ජීව දත්ත පිරීක්සීමෙන් පසුව පවසා ඇත්තේ ඕමාර් රටින් පිට වෙනත් ත්‍රස්ත සංවිධාන හෝ අයි.එස්. සංවිධානය සමග කිසිදු සම්බන්ධතාවයක් තිබුනු බවට සාක්ෂි සොයා ගැනීමට නොහැකි බවයි.

අයි. එස්වරුන් පසුගියදා ප්‍රකාශකර තිබුනේ මෙම ප්‍රහාරයේ වගකීම තම සංවිධානය බාර ගන්නා බවයි. නමුත් එක්සත් ජනපද බුද්ධි අංශ මාධ්‍ය වෙත කරැණු දක්වමින් අයි. එස්. සංවිධානයේ ප්‍රකාශය අසත්‍ය බවට අදහස් පළ කර ඇත. කෙසේ වෙතත් මෙම සමූහ ඝාතනය මෑත කාලයේ එක්සත් ජනපදයේ සිදුවූ බරපතලම සිදුවීම ලෙස වාර්තාවේ.

Leave a Reply