යාපනේ අවතැන් කදවුරක තරුණියක් පිලිස්සී මියයයි!

2016.06.14 displaced people.jpg

යාපනය, අවතැන් කඳවුරක සිටි 23 හැවිරිදි තරුණියකගේ සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් තිබේ.

සභාපතිපිල්ලෙ අවතැන් කදවුරේ සිටින මෙම තරුණිය කඳවුර ආසන්නයේ කසළ ගොඩකට ගිනි ඇවිලවීමේදී සිරුරට ගිනි ඇවිලී ඇති බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය ප්‍රකාශ කරයි.

අවතැන්වී වසර ගණනාවක් ගතවුවද නිසි නිවහනක් නොලැබීම නිසා මෙසේ කදවුරුවල වාසය කරන්නට සිදුවන පුරවැසියන්ගේ ජීවිතවලට වගකිව යුතු වන්නේ බොරු පොරොන්දු දෙන රජයේ බලධාරින්මය. මේ වනවිට පසුගියදා සිදුවූ ආපාදා තත්වයන් නිසා අවතැන්වූ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජනයා අවතැන් කදවුරුවලය. මීරිය බැද්ද නායයාමෙන් වසරකට වැඩි කාලයක් ගතව ඇති නමුත් අවතැන් ජනතාවට දෙනාව යැයි කී නිවාස නොදීමෙන් ඔවුන් අසරණව සිටී.