தமிழ்
English
Contact
Monday 6th May 2019    
ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා සමුගනී!



1994 සිට 2015 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ඉසිලූ සෝමවංශ අමරසිංහ හදිසියේ අභාවයට පත් වූ බව වාර්තා වේ. ඊයේ (14) රාත්‍රී නින්දට ගිය ඔහු නිදි යහනේ අභාවයට පත්ව ඇති බව දැනගන්නට ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක අවධියේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ ඔහු 1971 අරගලයේදී අත්අඩංගුවට පත් විය. පසුව 1977 නැවත පක්ෂය ප්‍රසිද්ධ දේශපාලන කටයුතු කරන විට ක්‍රියාකාරී ලෙස කටයුතු කළ ඔහු 1987-89 අරගලයට ද සම්බන්ධ විය. ජවිපෙ ප්‍රමුඛ පෙළේ නායකයන් එක්සත් ජාතික පක්ෂ පාලනයේ රාජ්‍ය මර්දන යන්ත්‍රයේ දඩයමට හසුව මරා දමනු ලබද්දී ඉන්දියාවට පළා ගොස් පසුව එංගලන්තයේ දේශපාලන රැකවරණ ලැබූ ඔහු මර්දනය සමයේ අවසන් දේශපාලන මණ්ඩලයේ ජිවතුන් අතර සිටි එකම සාමාජිකයාය.

ඔහු අභාවයට පත්ව ඇත්තේ බුත්ගමුවේ පිහිටි ඔහුගේ සමීප ඥාතිවරයකුගේ නිවසේදීය.