දුප්පතාගෙ වාහනේ නිසා පලාත් සභාවෙන් කරණ දෙවරක් හම ගැසීම

2016.06.14 threewheeler1

ත්‍රිරෝද රථ නැවත ලියාපදිංචි කිරිමේ ක්‍රමයක් මගින් මුදල් උපයන තැනට බස්නාහිර පළාත් සභාව ඇද වැටී ඇති බව ත්‍රිරෝද රථ හිමිකරුවෝ පවසති. ණය වීමෙන් හෝ කල්බදු ක්‍රමයට මිලයට ගත හැකි පහසුම වාහනය ලබාගත් අවම ආදායම් මට්ටමේ ජනයා මෙම තීරණය නිසා මහත් පීඩාවට පත්ව සිටී.

මේ අතර බස්නාහිර පළාතේ සියලු ත‍්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න ජනමාධය වෙත දන්වා සිටියේය. ඔහු එහිදී සදහන් කළේ එම ලියාපදිංචි කටයුතු උප ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී සිදුවන බව සහ මේ සදහා මුදලක් අයකිරීමට සිදුවන බවය. පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න විසින් මෙම වැඩසටහන ආරම්භකර ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සුරක්ෂිත කිරීම රජයේ අරමුණ බව පවසමිනි.

ත්‍රිරෝද රථ මිලයට ගැනීමේදී බදු ගෙවීමට අමතරව පෙට්‍රල්, ඩීසල් ආදී වශයෙන් ඉන්ධනවලටත්, බැටරි හා අමතර කොටස්වලටත් බදු ගෙවන නමුත් නව ක්‍රමය නිසා පළාත් සභාවටත් ගෙවන්නට සිදුව ඇති බව ත්‍රිරෝද රථ හිමියෝ පවසති. තමන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පළාත්සභාවට හා රජයට කළ යුතු බොහෝ දේ කිබියදී එම අරමුණද ඉදිරියට දමා කොල්ල කෑම පහත් ක්‍රියාවක් බව ‘ලංකාවීව්ස්‘ වෙත අදහස් දැක්වූ ත්‍රිරෝද රථ හිමියන්ගේ අදහස විය.

Leave a Reply