කැලණිය සරසවිය! කැලණිය සරසවිය!! – සිර කළවුන් නිදහස් කරන තුරු අරගලය…

2016.06.15 kelaniya

‘නොනිදන රාත‍්‍රිය‘ නමින් අරගල රැල්ලක් පිළිබඳ මෑතදී වාර්තා වූයේ ප‍්‍රංශයෙනි. නමුත් මේ නොනිදන රාත්‍රිය වාර්තා වන්නේ ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. කැලණිය විශ්වවිද්‍යොලය මෑත භාගයේ බොහෝ කතා බහට ලක්වෙමින් තිබේ. නවකවදය පිළිබඳ සිදුවීමක් මූලික කර දැනට එහි සිසු සිසුවියන් 08 දෙනෙක් බන්ධනාගාරගත කර තිබීම ඊට හේතුවයි. සිසුන් බන්ධනාගාර ගත කර දැනට දින 40 ක් වන අතර ඊයේ 14 වෙනිදාද මහර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එකී සිසුන්ව තවත් දින 14කට බන්ධනාගාර වෙත යොමු කර ඇත.

එසේ තිබියදී ඊයේ රාත‍්‍රියේදී සිසුන් විසින් විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට නැවතත් අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු විය. එසේ සිදු වූයේ විශ්වවිද්‍යාලයේ මතු වී ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට සිසුන් විසින් සමූහ රැස්වීමක් කැඳවා තිබූ අවස්ථාවට ආරක්ෂක අංශ විසින් කළ මැදිහත්වීමයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටියේ නවකවදය පිළිබඳ සිසුන්ට චෝදනා කරන පාලකයන් මේ වන විට නවක සිසුන්ට පමණක් නොව සියලූ සිසුන්ට වද දෙමින් සිටින බවයි. ඔහු පවසන පරිදි විශ්වවිද්‍යාලය තුළ ජීවත්වීමේ නිදහස අද වන විට බරපතල තත්ත්වයකට පත්ව ඇත. සිසුවියන්ට සිදුවූ ලිංගික අතවර ආදිය ගැන පාලකයන්ට පැමිණිලි කළ විට ඒ පැමිණිලි වලට පරීක්ෂණ පවත්වනවා වෙනුවට පාලකයන් සිදු කරන්නේ අදාල සිසුන් ඒ ගැන මොණවද කතා කරන්නේ යන්න සොයා බැලීම හා සිසුන්ට ඊට එරෙහි වීමට ඇති අයිතියට වල කැපීමයි.

මේ අතර පසුගියදා විශ්වවිද්‍යාලයේ සිසුවකුට සිදුවූ පහරදීමක් සම්බන්ධව ආචාර්යවරයෙක් අත්අඩංගුවට ගත් අතර එම ආචාර්යවරයාට එකී චෝදනාව එසේම තිබියදී පසුගියදා පොලිසිය හා එම ආචාර්යවරයා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇත.

2016.06.15 kelaniya2

2016.06.15 kelaniya1

2016.06.15 kelaniya4

2016.06.15 kelaniya5