කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන දින 75යි. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද?- දුමින්ද නාගමුව
Posted on 01.17.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින (17) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති මෙම මාධ්‍ය හමුව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මේ මොහොතේ මතු වී ඇති ප‍්‍රශ්න, ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒවා යටපත් කිරීමට ගන්නා උත්සහය සහ කුමාර් ගුණරත්නම් ගේ දේශපාලන අයිතිය පිළිබඳ මේ වන විට මතු වී ඇති තත්වය පිළිබඳ මෙහිදී පැහැදිළි කළා.
මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ද රංජිත් පියතිලක සහ ක‍්‍රිෂාන්ත ප‍්‍රියදර්ශන සහභාගී වුණා.
මෙහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව,
කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගෙන දින 75 කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල්මරමින් ඉන්නවා. එහෙම තියෙද්දී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරමින් ආණ්ඩුව විධායක ජනාධිපති ක‍්‍රමය. ජාතික ප‍්‍රශ්නය සහ මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සාකච්ඡාවක් මූලික කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් ඉන්නවා.
ඉහත ප‍්‍රශ්න විසඳන්න යෝජනා ගේනවා කියල කියනවා. හැබැයි අපි හිතනවා මේ තියෙන රනිල්, මෛත‍්‍රී, මහින්ද බල පොරය හමුවේ මේ කියන ඒවා. මේව කරගන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නෙත් තියෙනවා. දැන් මේ අය ව්‍යාවස්ථා සංශෝධනය හරහා දෙනවා කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකක්ද?
අපිට මේක මනින්න වෙන්නේ එදිනෙදා ප‍්‍රශ්නවලදී මේ අය ලබා දී තිබෙන පිළිතුරුත් එක්ක. පහුගිය ජනවාරි 08 වෙනිදා ඉඳලා අවුරුද්දක් ගෙවිල දැන් තවත් ජනවාරි 08 වෙනිදාවක් පහුවෙලාත් ඉවරයි. මේ ආණ්ඩුව මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට තේරෙනවා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා.
අපි මේක පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වා. රාජපක්ෂට එදා මර්දන ගෙන එන්න බලපාපු හේතු මොණවද? ඒවා රාජපක්ෂගේ මනෝ විකාර නෙවෙයි. සුදු වෑන් ආවේ මිනිස්සුන්ට පහර දුන්නේ පවතින ආර්ථික පීල්ලේ තවදුරටත් ආණ්ඩුව ගෙන යන්න බැරි වෙනකොට.
ගොවියන්, ශිෂ්‍යයන්, ධීවරයන් අයිතින් වෙනුවෙන් සටන් කරනකොට ඒවට විරුද්ධව තමයි මර්දනය ආවේ.
මෙහෙම ගියොත් ජනතාවට කරන්න ඉතිරිවෙන්නේ ඒ දවස්වල මර්වින් සිල්ව කරපු ජාතියේ දෙයක්. අර බොරැල්ලේ කනත්තේ තමන්ගේම මිනිය වලදාන්න තැනක් හැදුවේ. මිනිස්සන්ටත් ඒක තමයි කරන්න වෙන්නේ.
ජේ.ආර්.ජයවර්ධනත් එදා ආපු ගමන්ම වැඬේ පටන්ගත්තේ නෑ. 80 ජුලි වර්ජනේ, 83 පක්ෂ තහනම ඒ වගේ ක‍්‍රම ක‍්‍රමයෙන් තමයි ජනතා අරගල පොඩිපට්ටම් කළේ.
ඒ නිසා අපි අහනව මොකක්ද මේ දෙනවා කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදේ?
මීතොටමුල්ලේ ජනතාවට පහර දීපු එක හොඳ උදාහරණයක්. පොලිසිය ඉවත් වෙනකම් ඉඳලා. ප‍්‍රදේශයේ මැර දේශපාලකයෝ මැදිහත්වෙලා. මිනිස්සුන්ට ගැහුවා. ඊට පස්සේ ඒ ගුටි කාපු අයම හිරේ දැම්මා.
දැන් පහුගියකාලේ හිටපු අය සුදු වෑන් ගැන කයිවාරු ගහන්නත් පටන් අරන්. අපි අහනවා ඒ සිදුවෙච්ච දේවල් වෙනුවෙන් පහුගිය අවුරුද්දේ ආණ්ඩුව මොකක්ද කළේ.
වැලිවේරිය ජනතාව අද කියනවා. තව සති දෙකක් ආණ්ඩුවට කල් දෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව මොකක්ද කරන්නේ කියලා බලන්න.
එක්නැලිගොඩ ගැන කතා කෝ. රාජිත සේනාරත්න ඒ කාලේ කිව්වේ මේවා තමන්ට කොහොමත් අමතක වෙන්නේ නෑ කියලා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ.
කුමාර් සහෝදරයා ගේ ප‍්‍රශ්නෙත් මේ වගේ තමයි. නොවැම්බර් 13 ඉඳලා අපි කොළඹ කොටුවේ අඛණ්ඩ විරෝධතාවක යෙදිලා ඉන්නවා. අගමැතිවරයා බොරු සාකච්ඡාවක් දුන්නා. ජනාධිපතිවරයා සාකච්ඡාවක් වත් දුන්නේ නෑ. රනිල් කිව්වා නිලධාරීන්ට මේ ගැන පිළිතුරක් හොයන්න කියලා. අද නිලධාරීනුත් නෑ කව්රුවත් නෑ. පසුගිය දෙසැම්බර් 10 දා අපි උද්ඝෝෂණයෙන් ජනාධිපති හමුවෙන්න ගිය වෙලාවේ. ජනාධිපති ලේකම් වරයෙක් කිව්වේ සති දෙකකින් සාකච්ඡාවක් දෙනවා කියලා. සාකච්ඡා ඉල්ලලා අපි ලියුම් දාල මාසෙකට පස්සේ මේ කතාව කියන්නේ. දැන් ඒ කියපු සති දෙකත් ඉක්මවලා ගිහිල්ලා.
මොකක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදේ. මිනිහෙක් තමන් ඉපදුන රටේ දේශපානලනය කරන්න. ජීවත් වෙන්න අයිතිය ඉල්ලන්නේ. සමහරු අත්අඩංගුවට අරන් පැය දෙකෙන් ඇප දෙනවා. අපි මාස ගානක් උද්ඝෝෂණ කරා. සත්‍යග‍්‍රහ කරා. මේ ඔක්කොම බීරි අලින්ට වීනා වයනවා වගේ.
ඒ නිසා අපි මේ 19 වෙනිදා විශේෂ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් සංවිධානය කරනවා. කොළඹදී. එතනදී කියන්න එපා. අපි මේ ප‍්‍රශ්නෙ දන්නේ නෑ අරවයි මේවයි කියලා.
මේක පැහැදිළි දේශපාලන ප‍්‍රශ්නයක්.
ජනවාරි විප්ලවයක් ගැන කතා කරනවා අපි දැක්කා පහුගිය දවස් වල එක රජෙක් වෙනුවට තවත් රජෙක් එනවා. ඒක තමයි වෙච්ච වෙනස. අපි කියන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන වචනේ කිලිටි කරන්න එපා.
මේ නිසා මේ තත්වය හමුවේ අපි පක්ෂයක් විධියට ආකාර කිහිපයකින් මැදිහත්වෙන්න සූදානම්.
1. ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවරාගෙන එන ව්‍යාපාර වෙනුවට ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් වෙනුවෙන් අපි අරගල කරනවා.
2. පහුගිය අයවැයත් එක්ක අපි දැක්කා ආර්ථිකමය ලෙස වැඩකරන මිනිසුන්ගේ ප‍්‍රශ්න උග‍්‍රවෙන ආකාරය. ඊට විරුද්ධව අපි ජනතාව සමග සටන් කරනවා.
3. මේ වන විට ලංකාව නැවතත් අධිරාජ්‍යවාදී කොළණියක් වෙමින් තියෙනවා. විවිධ අය ඇවිත් මෙහෙ මූත‍්‍රා මාක් දාගෙන යනවා. එක්සත් ජනපදයේ හා චීන අතර පවතින ගැටුමේ ලංකාව වහලෙක් කරගන්න උත්සහයක් තියෙනවා අපි ඊට විරුද්ධව සටන් කරනවා.
4. මේ පවතින තත්වය හමුවේ ජාතිවාදය වැපිරවීමේ කියාමාර්ග දියත් වෙනවා. මෙකී ව්‍යාජ දෙශපේ‍්‍රමීන්ට එරෙහිව අපි පෙනී සිටිනවා.
ජනවාරි 20 සිට පෙබරවාරි 29 දක්වා මේ සියලුදේ එක් කරගත් දැනුවත්කිරීම් මාලාවක් අපි ආරම්භ කරනවා. ඒ නිසා අපිත් සමග එක් වෙන්න කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
හඩ පටයට පිවිසෙන්න
Related News