පසුගිය වසරේ ඇතිකරගත් සාම ගිවිසුමට අනුව කොළොම්බියානු රජය කටයුතු කිරීම ප්‍රමාද කිරීම ගැන ෆාර්ක් සංවිධානය සිය විරෝධය පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාම ගිවිසුමට අනුව සිය සංවිධානයේ අවි අත්හැරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවට දෙපාර්ශවය අතර එකගතාවයක් ඇති කරගෙන තිබුනි. නමුත් එම තත්වය නිසි කාලරාමුවකට අනුව සිදු කිරීමේ ක්‍රියාවලිය කොළොම්බියානු රජයේ අතපසුවීම් හේතුවෙන් ප්‍රමාදවීම ගැන මෙසේ විරෝධය පළකර ඇත.
පසුගියදා කොලොම්බියානු රජයේ ආරක්ෂක අංශ විසින් සිය සංවිධානයේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම පිළිබදවද රජයට අනතුරු අගවමින් ප්‍රකාශ කර ඇත්තේ එළැඹි සාම ගිවිසුමේ කොන්දේශිවලට අනුව කටයුතු කිරීමට කොළොම්බියානු රජය ක්‍රියා කළයුතු බවයි.
එසේ නොවන්නේ නම් සිය සාමාජිකයින් අතර සාම ක්‍රියාවලිය ගැන තිබූ විශ්වාසය බිදවැටීමේ අවධානමක් පවතින බවද එසේ වුවහොත් එම තත්වයට කොළොම්බියානු රජය වගකිව යුතු බව ෆාර්ක් සංවිධානයේ නායක රොඩ්රිගෝ ලන්ඩොනෝ අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි