එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා විසින් රුසියානු තානාපති නිලධාරීන් 35 දෙනෙකු පැය 72ක් තුල වහාම එක්සත් ජනපදයෙන් ඉවත්ව්ය යුත් බවට නියෝග කර ඇත.
මෙසේ රුසියානු තානාපති නිලධාරීන් රැසක් එක්සත් ජනපදය විසින් පිටමංකරනු ලබන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඩිමොක්ක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් හා එම පක්ෂයේ ඊමේල් ගිණුම්වලට රහසේ ඇතුළුවීයැයි චෝදනා එල්ලවීම හේතුවෙනි.
ඊමේල් ගිණුම්වල තොරතුරු සොරාගැනීමට සම්බන්ධ බවට රුසියානු තානාපති නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමෙන් පසුව ඒ පිළිබදව එක්සත් ජනපදය විසින් සිදුකරන ලද පරීක්ෂාවකින් පසුව රුසියානු තානාපති නිලධාරීන් නෙරපා ඇති බව වාර්තාවේ.