සිය රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා ටෙලිකොම් මෑන් පවර් කම්කරුවන් දෙසැම්බර් 26 වෙනිදා සිට ගෙන යන අරගලය කුමන්ත්‍රනකාරි ලෙස ව්‍යර්ථ කිරීමට ආණ්ඩුව සාකච්ඡාව හා අධිකරණ ක්‍රියාමාර්ග යන ආකාර දෙක භාවිතා කරයි.
වර්ජනය හේතුවෙන් කම්කරුවන් සමග පැවැති කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝනය වී ඇති බවට බවට ප්‍රකාශයක් අපේක්ෂා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටාල් සොලුයුසන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මේ වනවිට අධිකරණය හමුවට ගොස් ඇත.
සමස්ථ ලංකා විදුලිසංදේශ සේවක සංගමය හා ටෙලිකොම් පාලනාධිකාරිය අතර පැවති සාකච්ඡාවක දී මෑන් පවර් කම්කරුවන් ටෙලිකොම් සමාගමට බදවාගැනීමට එහි පාලකයන් එකඟ වී ඇති අතර අද(25) පැවැත්වෙන සාකච්ඡාවේ දී ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නට නියමිතය.
එසේම අධිකරණය හමුවට යාමෙන් වර්ජිත කම්කරුවන්ට විරුද්ධව වාරන නියෝගයක් ගෙන ඇත්තේ සමාගම සමග අත්සන් කළ කොන්ත්‍රාත්තුව සේවකයන් විසින් උල්ලංඝනය කල බවට තීරණයක් ලබා ගැනීමටය. එසේ වුවහොත් අධිකරන තීන්දුව පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගෙන කම්කරුවන්ගේ අරගලය මර්දනය කිරීමේ හැකියාව ආණ්ඩුවට හා ටෙලිකොම් බලධාරින්ට ඇත.


