බෝගල පතලේ බඹ 275කට වඩා අභ්‍යන්තරයේ අනාරක්ෂිත තත්වයන් යටතේ සේවයේ යොදවා සිටි කම්කරුවකු මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ජී.ඒ. ප‍්‍රදීප් කුමාර නමැති තිදරු පියෙකි. ඔහුගේ සිරුර මතට මිනිරන් කුට්ටියක් කඩා වැටීම නිසා මරණය සිදුව තිබේ.
පතල තුළ සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂක ක‍්‍රමවේද අනුගමනය නොකිරීම මෙම මරණයට හේතුව බවට සේවකයෝ චෝදනා කරති. එමෙන්ම සේවකයන් තිදෙනකු හෝ සිව් දෙනකු විසින් ආවරණය කළ යුතු වැඩ කොටස ආවරණය කිරීම සඳහා ‘සුපර් ගැන්’ ලෙස නම් කරන ලද කම්කරුවන් දෙදෙනකු යෙදවීම වැනි අත්තනෝමතික හා තිරිසන් ක‍්‍රම පවා සිය ලාභ වැඩි කර ගැනීම සඳහා බෝගල ග‍්‍රැෆයිට් ලංකා ලිමිටඞ් සමාගම අනුගමනය කරමින් සිටියි.
එක් වැඩපොළක සේවකයන් තිදෙනකුවත් අවම වශයෙන් යෙදිය යුතුබවට හඬ නැඟූ කම්කරුවන් හත් දෙනකු අත්තනෝමතික ලෙස සේවයෙන් නෙරපා දමා තිබෙන අතර ඔවුන් මේ වන විට කම්කරු උසාවියට පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් තමන් කම්කරු ඇමැතිවරයා ඇතුළු කම්කරු කොමසාරිස්වරයා සමගත් අනෙකුත් බලධාරීන් සමගත් සාකච්ඡුා කරන ලද නමුත් ප‍්‍රමාණවත් මැදිහත්වීමක් සිදු වී නැතැයි කම්කරු අරගල සමිතිය පෙන්වා දෙයි.