කාටවත් කියන්න එපා, ඒවා පිටරටින් ගෙනාවෙ.
Posted on 01.22.2017 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
‘අමෙරිකානු නිෂ්පාදන මිදී ගන්න!‘ යනුවෙන් හඩ නගන එක්සත් ජනපදයේ නව ජනාදිපතිවරයා සිය දිවුරුම්දීමේ දිනයේම මහත් අවමානයකට ලක්ව ඇත.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටම පවත්වාගෙන ආ උදාන වාක්‍ය වූයේ “අමෙරිකාවේ ශ්‍රෙෂ්ඨත්වය යළි ගොඩනගමු!“ (Make America Great Again)යන්නය. එහෙත් එම උදාන වාක්‍ය සහිතව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙන්ම දිවුරුම් දුන් දිනයේ පාක්ෂිකයන් හා ආධාරකරුවන් මහත් අබිමානයෙන් පැලද සිටි රතු හිමසුවැසුම් කිසිවක් එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඒවා නොවීය. ඒවා චීනයේ, වියට්නාමයේ හා බංග්ලාදේශයේ නිෂ්පාදිත කැප් තොප්පි බවට ලේබල්වලින් දැක ගත හැකි විය.
පසුගිය දසක කිහිපයක්ම එක්සත් ජනපද හමුදා වෙනත් රටවල් ආරක්ෂා කලා මිස තම දේශසීමා ආරක්සා නොකල බවත් මින් ඉදිරියට වෙනත් රටවල් වෙනුවෙන් තම රට වැඩ නොකරනු ඇති බවත් අප අපගේ අනාගතය වෙනුවෙන් වැඩ කළයුතු බවත් ට්‍රම්ප් පැවසීය. එහෙත් ගෝලීය ධනවාදය සිය සමාජ ආර්ථික ඉදිරි දර්ශනය බවට පත්කරමින් ලෝකය පුරා ලාභ ඉපදවීමේ අරමුණින් දිවගිය එක්සත් ජනපදයට නැවත වරක් තමන්ගෙ වැඩ තමන් කරගන්නට සිතී ඇත්තේ බොහෝ ප්‍රමාද වීය.
වරින්වර තමන් පැළද සිටි හිස්වැසුම් ඇතුළත ඇති ලේබලය නරඹමින් ඒවා කිසිවක් එක්සත් ජනපදයේ නිර්මාණය නොකළ බව දැක ට්‍රම්ප් අනුගාමිකයන් මහත් කම්පනයෙන් අදහස් ප්‍රකාශ කළ බව එරට ජනමාධ්‍ය වාර්තා කළේය.
Related News