නව වසරකට නවමු පැතුමක්
එළැඹේය නැවුම් හිරු ලොව අගින
වසක් පැමිණෙයි නැවුම් ,ගෙවන්නට
මලක් සේ ඵලක් උපදා ලොවට
මිසක් නොකරමු නිමා හෙට දවස
කෙනෙක් දෙන්නෙක් වෙවෙයි හුදෙකලා
රටක් එක ලෝකයක් ලෙස පුළුල්
සිතමු සිහි තබාගමු ,වැඩකරමු
එතෙක් මිනිසෙක් වේද මනු කැළක
නොඉදිමින් හාමතේ ගෙවන්නට ජීවිතය
අයිතියක් ලැබිය යුතු සැම සියළු මිනිසෙකුට
කුස පිරුණු නොපිරුණාවුන් සියළු දෙන එක්ව
සටන් කරමුය දිනීමට මිනිස් ජීවිතය
උතුර දකුණේ දෙකේ අතුරුදන්
මිනිස් කැළ ගැන වියුතු හෙළි පෙහෙළි
මහ කුඩා නොනිමි දූෂණ මගඩි
කෙළවරක් කරනු නැත පාලනය
බාල්දුව රුපියල්ද ජීවිතද
පොඩි පැටව් මැරෙති,කෙළෙසෙති නිතින්
ගල් ගසා මැරෙයි රට යන මව්න්
මැරේ නොමැරී මැරේ මනුසතුන්
වෙනම්, නුඹ මනු සතෙක්,මිනිස් කැළ
ඉදිය හැකි වේද,බඩ වියත රැක?
උදාවන නව වසර අද මෙන්ම
තව තවත් දිවිය පිරි හෙළනු ඇත
එකා සේ එක මිටට සවිමත්ව
පෙළ ගැසී සටන් වැදුමට නිබද
දිරිය ශක්තිය සිතට අවැසිමය
පතමු, සුබ සිහින නොව රෑ දකින
නිබද දිවි මග දිනන ශක්තියම