මේ ආණ්ඩුවට අපි කියනවා, දුන්නනම් පොරොන්දු මේ කුණු කන්ද ඉවත් කරන්න

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව උපවාසයේ නිරතව සිටි පිරිසට පසුගිය දින එල්ල කළ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, පරිසරවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින් හා මීතොටමුල්ල ප්‍රදේශවාසීන් සහභාගීවූ මාධ්‍ය හමුවක් පසුගිය දෙසැම්බර් 29 දින රාජගිරිය MDDR ශාලාවේදී පැවැත්වුණි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා, මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි, පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර යන අය විසින්  සිය අදහස් දැකවීම සිදුකරන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පරිසරවේදීන් නියෝජනය කරමින් වෑකඩවල රාහුල හිමි, දුමින්ද අලහකෝන් ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි, මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය හා අනෙකුත් වෘත්තීය සමිති නියෝජනය කරමින් ධර්මසිරි ලංකාපේලිද සහභාගී විය.

එම මාධ්‍ය හමුවේදී පළකළ අදහස් අඩංගු හඩපටය.