தமிழ்
English
Contact
Thursday 7th September 2017    
මයි‍ක්‍රෝසොෆ්ට් සමාගමේ සේවකයින් 4000ක් ඉවතට « Lanka Views | Views of the truth

මයි‍ක්‍රෝසොෆ්ට් සමාගමේ සේවකයින් 4000ක් ඉවතට



මයි‍ක්‍රෝසොෆ්ට් සමාගමේ එක්සත් ජනපයෙන් පිටත වෙළද හා අළෙවි අංශවල සේවයේ නියුතු සේවකයින් 4000ක් ඉවත් කිරීමට සිය පාලනාධිකාරිය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය සමාගමේ එක්සත් ජනපදය තුල පමණක් සේවකයින් 71,000ක් පමණ විවිධ අංශවල සේවයේ නියුතුවේ. එක්සත් ජනපයෙන් පිටත සේවකයින් 1,21,000ක් පමණ සිය සමාගමේ සේවයේ නිරතව ඇත. මෙම සේවකයින් අතරින් 4000 දෙනෙකු පමණ සමාගමේ නව ප්‍රතිසංවිධාන කිරීමේ වැඩ සටහනින් පසුව ඉවත් කිරීඹට සිදුවන බව එම සමාගමේ ප්‍රකාශන ප්‍රෑන්ක් ෂෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ලොව පුරා මයික්‍රෝසොෆ්ට් සමාගමේ අලෙවි හා වෙළද යන අංඹවල පමණක් සේවකයින් 50,000ක් පමණ සේවය කරයි. මෙම සේවකයින් අතරින් 9%ක පමණ සේවකයින් ප්‍රමාණයක් ඉවත් කිරීමට මේ අනුව නියමිත බව වාර්තාවේ.

එම සමාගම මෙම තීරණය ගෙන තිබෙන්නේ ලබන වසර සදහා ඩොලර් බිලියන 4.5 ක වෙළද ඇණවුම් තිබියදීවීම මෙහිදී කැපී පෙනේ. අති විශාල ලෙස ලාබ ලැබීමේ අරමුණෙන් මෙම නව සේවක කප්පාදුව සිදුකර ඇති බව පෙනී යයි.




Related News