අද අරගලයට අවශ්‍ය පරිත්‍යාගයන් කරන්න අපි සූදානම්! – දුමින්ද නාගමුව
Posted on 07.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අරගලයට අවශ්‍ය කුමන අන්දමේ කැප කිරීමක් වුවද කරන්න කම්කරු අරගල මධ්‍යස්ථානය ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙසත් තමන් සූදානම් බවපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව පවසයි.
පසුගිය 05වැනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ පැවැති සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරයේ රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය. එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක වශයෙන් දුමින්ද නාගමුව විරෝධතා රැළිය අමතා කළ කතාව ඇසුරින් පහත සටහන සකස් විය.
“අද අපි මෙතනට එකතු වෙලා ඉන්නෙ අවිශිබම කැදවුම්කරු ළහිරු ඇතුලු සහෝදරවරු පස්දෙනෙක් සිරගතකර සිටින අවස්ථාවක. අද අධිකරනයෙන් ඔවුන් තවදුරටත් සිරගත කරන්න තිරණය කරලා. ආණ්ඩුව හිතනවා නම් මේ අය හිරේ දමලා මේ අරගලය මොට කරන්න පුලුවන් කියලා ඒක විහිලුවක්. සුභාෂිතයෙ කවියක තියෙනවා මෙහෙම….
‘දියත පතල සුවදැති සොද සදුන් හර – සිදිත මඩිත එකලෙස පැතිරෙයි සුවද…’
ඒ වගේ තමයි මේ අරගලය. මේ ගහ කපන්න කපන්න මේක තලන්න තලන්න තව තවත් සුවද පැතිරිලා යනවා. මේ අරගලය වටා එකතුවන බලවේගය තව තව වැඩිවෙනවා මිස අඩුවෙන්නෙ නෑ. ඒක අද මේ වේදිකාවෙන්ම ඔප්පු කර තිබෙනවා.
දැන් අර අධ්‍යාපන ඇමති කිරිබබා අඛිල විරාජ් චක්‍රලේඛයක් ගහලා. ඒකෙ තියෙන්නෙ ඩෙංගු ව්‍යාප්තවන ප්‍රදේශවල පාසල් ශිෂ්‍යයන්ට ඩෙංගුවලින් බේරෙන්න ගැලපෙන ඇදුමක් ඇදගෙන යන්න අවසර දෙනු ලැබේ කියලා. ඔය කියන විදියට හෙට අනිද්දට බලාගන්න පුලුවන් පැටවු ගගනගාමින් වගේ ඇදගෙන ඉස්කෝලෙ යනවා. මෙන්න මේ රටේ ප්‍රශ්න විසදන විදිය. අතීසාරෙට ගහපල්ලා අමුඩ. තව ගහපල්ලා පොරොප්ප. ඔන්න එහෙම කරන උන් අපට කියනවා, අපි ළිං මැඩියොලු. මේක උතුරු කොරියාවක් කරන්න හදනවලු. අපි ඒ ළිං මැඩියන්ට කියනවා, බලපල්ලා ලෝකය දිහා. බර්නි සැන්ඩර්ස්, ජෙරමි කෝබින් ගෙනාව සටන් පාඨ මොනවද, ඒ අයගෙ සටන්පාඨ නිසා ඔවුන් ජනතාවගෙ ඡන්ද අරගෙන ඉදිරියට ආවා. අපි ඉල්ලන ඒවත් නෙවෙයි ජෙරමි කෝබින් කිව්වෙ. එයා කියන්නෙ ජීවිතාන්ය දක්වා නිදහස් අධයාපන අවස්ථා දියයුතුයි කියලා. අපි කියන්නෙ, විහ්ව විද්‍යාල දක්වා නිදහස් අධයාපනය.
පහුගිය කාලයෙ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල මැතිවරණවලදි ධනපති පක්ෂ පවා තමන්ගෙ සටන්පාඨ බවට පත්කරගෙන තිබුණේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වැනි ඉල්ලීම්. ප්‍රවාහනය ඇතුලු සේවාවන් රැසක් රජය විසින් පවත්වාගෙන යායුතු බවට සාකච්ඡාව ඔවුන් මැතිවරණවලදි ගෙනාවා. සමහර රටවලදි ධනපති පක්ෂවලට වඩා කම්කරු බලවේග නියෝජනය කරන පක්ෂ ඉදිරියට ඇවිත්. ඒ නිසා අපේ රටේ විතරක් නෙවෙයි, වෙනත් බොහෝ රටවලත් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වැනි ඉල්ලීම් සමාජයේ ප්‍රධාන කතාබහට ඇවිත්. රාජිතලා කියනවා මේ අරගලයෙ ඉන්නෙ ළිංමැඩියො කියලා. අපි නෙවෙයි රාජිත මහත්තයෝ, ළිංමැඩියා ඔබයි. අද ලෝකයේ සුළං හමන්නෙ කොයි පැත්තටද කියලා බලන්න.
දැන් අපේ රටේදි සයිටම් එකේ ළමයි දාහක් වෙනුවෙන් කතාකරන අයට පාසල් නොයන ශිෂ්‍ය පිරිස හාරලක්ෂ පනස් දෙදාහක්, ගැන කැක්කුමක් තියෙනවද? මේ රටේ අධ්‍යාපන ඇමතියටයි උසස් අධ්‍යාපන ඇමතියටයි සෞඛ්‍ය ඇමතියටයි කැක්කුම තියෙන්නෙ සයිටම් අයිතිකාරයා ගැන. පාසල් යන වයසේ වුණත් යන්න අවස්ථාව නැති දරුවන් ගැන ඔබට කැක්කුමක් නැතිවුණාට අපට කැක්කුමක් තියෙනවා ඒ ගැන. අම්මෙ මට ටියුෂන් ෆීස් ගෙවන්න රැපියල් දාහක් දෙන්න කියද්දි කරකියාගන්න දෙයක් නැතිව ඇස්වලට කදුළු පුරවගන්න අම්මලා තාත්තලා ගැන අපි දන්නවා. ඒ ගැන අපට කැක්කුමක් තියෙනවා. ඒ නිසා තමයි අපි කකියන්නෙ මේ රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදිය යුතුයි කියලා. නිදහස් අධයාපනය හා නිදහස් සෞඛය වෙනුවෙන් සටන් වදින්න ඕන කියලා අපි කියන්නෙ ඒ නිසා. ඒ නිසා දැන් කදවුරු වෙන් වෙලා තියෙන්නෙ. ඒ කදවුරු දෙක පැහැදිලිව වෙන්වෙලා තියෙන්නෙ. ඒ අය බලය හිමි කුරුදුවත්තෙ හාල්පාරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සටන් කරනවා. එහෙමයි මේ කදවුරු වෙන් වෙන්නෙ.
මේ රටේ වැඩ කරන පීඩිත ජනතාවගේ දරුවො තමයි මේ විධියට අධ්‍යාපන අවස්ථා අහිමි කරගෙන අනාගතය අදුරු කරගන්නෙ. ඒ පන්ලක්ෂයත් අධ්‍යාපනයට එකතු කරගන්න තමයි අපි නිදහස් අධ්‍යාපනය රැකගතයුතුයි කියන අදහස වෙනුවෙන් පෙනී ඉන්නෙ. මේ තරමින් හරි නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙද්දිත් තමන්ගෙ දරුවන් පාසල් යවන්න බැරි මව්පියන් අධ්‍යාපනය පෞද්ගලිකකරණය වුණාම කොහොමද ඒක කරන්නෙ? ඒ ගැනයි අපි වද වෙන්නෙ.
ඒ වගේම මේ ටිකත් කියන්න ඕන. මේ අරගලය ජයග්‍රහනය කරන්න බෑ කියලා එක් එක චව් චව්ලා කියද්දි, ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරින් පරිත්‍යාගයෙන් ඒ අරගලය කළා. අවුරුදු නවයක් තිස්සේ ඔවුන් පාරවල් ගානෙ පෙළපාලි යමින් මේ රටේ ජනතාවට නිදහස් අධ්‍යාපන අයිතින් වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන පණිවුඩය, සමාජ අවධානයට ගෙනාවා. මේ අරගලයෙදි ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හැකි කොටස දැන් ඔවුන් සම්පූර්ණ කර තිබෙනවා. ඒ පිළිබද අපේ ආචාරය පළ කරනවා. දැන් තවදුරටත් කොල කුට්ටම ශිෂ්‍ය ව්‍යාපාරයේ අතේ නෙවෙයි. දැන් කොළ කුට්ටම තියෙන්නෙ කම්කරු ව්‍යාපාරය අතේ. දැන් කොළ අත තියෙන්නෙ කම්කරු ව්‍යාපාරය අතේ. තුරුම්පු කියන්න වෙන්නෙ වැඩ කරන ජනතාව නියෝජනය කරන කම්කරු වයාපාරයට. ඒ නිසා වැඩකරන ජනතාව වෙනුවෙන් නියෝජනය කරන වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා, මේ අරගලය ඉදිරියට ගෙනයාමේ වගකීම තියෙන්නේ දැන් ඔබ අප අතේ. ඒ සදහා ශක්තිමත්ව මැදිහත් වෙමු කියලා කම්කරු පන්තියෙන් අපි ඉල්ලා සිටිනවා.
මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඔවුන්. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම වෘත්තිය සමිතිවලට, මේ සටනෙදි එකතු වෙන්න, මේ අරගලයට වැඩකරන ජනතාවගේ ශක්තිය දෙන්න කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි ඔබ ඉදිරියේ එක දෙයක් කියනවා. දැන් සමහරු අහනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සටනෙදි ඉන්නෙ ඉස්සරහින්ද පස්සෙන්ද කොඩිය ගහන්නද කොඩිය ගෙනයන්නද කියලා. අපි ඒ අයට මේ කතාව කියනවා. මැක්සිම් ගෝර්කිගෙ කෙටිකතාවක් තියෙනවා ‘දාන්කොගෙ හදවත‘ අභාග්‍යසම්පන්න කාලෙක මිනිස්සු ආරක්ෂා කරගන්න ඉදිරිපත් වෙනවා දන්කො කියන පුද්ගලයෙක්. එයා ඒ මිනිස්සු අරගෙන බිහිසුණු කැලයක් මැදින් යනකොට රාත්‍රිය උදා වෙනවා. ඒ වෙලාවෙ මාර්ගය හොයාගන්න බැරි සමහරු කෑ ගහනවා දාන්කො අපිව අතරමං කලා කියලා. කෙටිකතාවෙ තියෙන විදියට ඒ වෙලාවෙ දාන්කො හදවත පපුවෙන් එලියට අරගන්නවා. ඒ හදවත දීප්තිමත් ආලෝකයක් විහිදුවනවා. ඒ ආලෝකයේ උදව්වෙන් මිනිස්සු පාර හොයාගෙන කැලඍවෙන් එළියට එනවා. අපි කියනවා මේ අරගලයෙදි අවශ්‍ය ඒක නම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අපේක්ෂා කරන්නෙ ඒ භූමිකාව නම් ඒක ඉටු කරන්න, කම්කරු අරගල මධ්‍යමස්ථානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම්. අවසාන වශයෙන්, මේ දක්වා අරගලය ඉදිරියට කැදවාගෙන ආ ශිෂ්‍ය ව්‍යාපාරය සමග වැඩකරන ජනතාව ඒකාබද්ධ කරමින් ඒ අරගලය ඉදිරියට ගෙන යාමට අපි ඒ පරිත්‍යාගය වුණත් කරන්න සූදානම් බව අපි ප්‍රකාශ කරනවා.“
Related News