කොළඹ සහ පේරාදෙණි සරසවි ලාභ ලබන ආයතන කරන්න සැලසුමක්
Posted on 07.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ හා පේරාදෙණි විශ්වවිද්‍යාල ලාභ ලබන ආයතන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වගකීමෙන් ඉවත් කරන්නට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී (COPE) හෙළිවේ.
ජූලි 4 වැනිදා කෝප් කාරකසභාවට කැදවනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලක්ෂමන් දිසානායක මහාචාර්යවරයා තම විශ්ව විද්‍යාලය ලාභ ලබන ආයතනයක් බවට පත්කරනු පිනිස ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරිමේ යෝජනාවට එකග බව ප්‍රකාශ කර ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබද උප කමිටුව විසින් පත් කළ උසස් අධ්‍යාපන උප කමිටුවේ පසුගිය මැයි 12 සහ 19 දිනවල පැවති එම සභාවාරවලදී එම යෝජනාව සාකච්ඡාවට ලක් කරන ලදී. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‘උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතන පිළිබද අංශයේ‘ නිලධාරින්ද සහභාගි වූ මෙම සභාවට පේරාදෙණි විශ්ව විද්‍යාලෙයන් නියෝජනයක් නොවුනු නමුත් නෙකාළඹ විශ්වවිද්‍යාලයේ නියෝජිතයා එම යෝජනාවට එකගතාව පළ කර තිබිණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලක්ෂමන් දිසානායක
Save
Related News