අමාත්‍යාංශ විෂය පථයන් වෙන් කිරීමේ ගැසට් නිවේදනය මඟින් මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මෙවර පවරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතටය.
මීට පෙර 2001 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය බැංකු පෞද්ගලිකකරණය කිරීමට තීරණය කළත් කෙටි කලකින් ආණ්ඩුව බිඳවැටීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීමේ සැබෑ අරමුණ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවැරීම බවට විවේචන එල්ල වී තිබේ.