පනාගොඩ, කපුරුගොඩ කවිඳු දේවින්ද නමැති දසහැවිරිදි සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ඝාතනයට යොදාගත් මන්නා පිහිය පොලිසියට පෙන්වීමට යැමේදී පය ලිස්‌සා පැරණි ගල් වළකට වැටී ඇත.
එහිදී පෙරළී ආ ගලකට සැකකරුගේ දෙපා යටවී බරපතළ තුවාල ලබා ඊයේ (27 වැනිදා) හෝමාගම රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
බරපතළ තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්‌ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.