පසුගිය මහමැතිවරණයෙන් ජයගත් ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි ගිතා කුමාරසිංහට ලබන මස 19 දින අභියාචණාධිකරණය ඉදිරියේ පෙණී සිටින ලෙස දන්වා ඇත.
ඇයව එසේ කැදවා තිබෙන්නේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වන විටද ඇය ද්විත්ව පුරවැසිභාවය ලබා සිටියදී මැතිවරණයට අපේකෂකයකු ලෙස ඉදිරිපත්ව ඇති නිසාය.
පසුගිය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ 19 වන සංශෝධනයට අනුව කිසිදු ශී‍්‍ර ලාංකිකයකුට ද්විත්ව පුරවැසියන්ව සිටියද මෙරට පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පත්වීමට ඉඩක් නොමැත.
19 වන සංශෝධනය අනුව මෙම තත්වය ඇතිව තිබෙන බව නීති අංශ පෙන්වාදේ. මේ අනුව පසුගිය මහ මැතිවරණයෙන් ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරියක් ලෙස පත්වීමෙන් පසුව ඇයගේ පත්වීම අභියෝගයට ලක්කොට අභියාචණාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම හේතුවෙන් ඇයව අභියාචණාධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝගයක් ලැබී ඇත.