ස්පාඤඤයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන කැටලෝනියා ප්‍රාන්තයේ පසුගිය ඉරිදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ස්වාධීනත්වය සදහා අනුමැති ලබාගැනීමේ සංධානය එරට ප්‍රාන්ත මැතිවරණයේදී ජය ලබා ඇත.
ස්පාඤඤයෙන් වෙන්ව පැවැති යුතුයැයි පවසන කැටලොනියා වෙන්වීමේ ව්‍යාපාරයට නායකත්වය දෙනුලබන්නේ ආතර් මාස්ය. මීට පෙරත් සිය ප්‍රාන්ත මැතිවරණවලදී තම ස්වාධීනත්වය වෙනවෙන් ලෙනී සිටියත් මෙවර මෙන් ඔවුන්ට ප්‍රාන්ත මැතිවරණවලදී බහුතර බලය ලබා ගැනීමට නොැහැකි විය.
ස්පාඤඤය මෙම වෙන්වීමේ ව්‍යාපාරයට එරෙහිව එරට ව්‍යවස්ථා අධිකරණයට නඩුවක්ද ගොනු කර ඇත. මෙම නව තත්වය හේතුවෙන් ස්පාඤඤයේ වඩාත්ම සංචාරක ආකර්ශනය ඇති බාර්සිලෝනා වැනි නගරද කැටලෝනියා ප්‍රාන්ත පාලනයට අයත් වෙයි.
ප්‍රාන්ත සභාවේ ආසන 135න් කැටලෝනියාවේ ස්වාධීනත්වය සදහා වන සංධානය මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 72ක් දිනාගෙන ඇත. ඒ අනුව කැටලෝනියා ප්‍රාන්තයේ බහුතර බලය මෙවර එහි ස්වාධීනත්වය සදහා පෙනී සිටින කණ්ඩායම් වෙත හිමිව තිබීම හේතුවෙන් එම ප්‍රාන්තය ස්පාඤඤයෙන් වෙන්වීම වැඩි ඉඩකඩක් නිර්මාණයවීමට හැක.