මේ වන විට රටතුල ඇතිව තිබෙන ආර්ථික හා මූල්‍ය තත්වය ගැනත් ලෝක ආර්ථිකයේ බලපෑම හමුවේ ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ගැන ඉදිරි දෙදින තුල විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් බව වාර්තාවේ.
වත්මන් ලෝක ආර්ථික තත්වය විසින් ලංකාවට කෙරෙන බලපෑම හා වත්මන් මූල්‍ය තත්වය ගැනත් ඉදිරි වසර සදහා වන අය-වැය යෝජනාවල දල අදහසක් ලබන නොවැම්බර් මස 20 පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවත් එම වාර්තා සදහන් කරයි.
කෙසේ වෙතත් හවුල් ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසුව රට තුල සීඝ‍්‍රයෙන් රුපියලේ අගය අඩුවෙමින් තිබේ. එය අතිශය බරපතල ලෙස ආනයනික භාණ්ඩ සදහා බලපාමින් තිබෙන බව මෑතක සිට රට තුල පාරිබෝගික භාණ්ඩ මිල ඉහළ යෑමෙන් වැඩිදුරටත් තහවුරුවෙමින් තිබේ.