අතපය බැඳ මහමග දමා ගොස් සිටි කාන්තාවක් හොරණ ගුරුගොඩ ප්‍රදේශයේදී ඊයේ (28) රාති‍්‍රයේදී සොයා ගැනුනි.ඇය 35 හැවිරිදි බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පැවසේ.
සිය රෝගී තත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ඇයව ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් බලහත්කාරයෙන් නංවා ගෙන විවිධ වදහිංසා පැමිණ වූ බවයි අදාළ කාන්තාව පොලීසියට පවසා තිබේ.
කෙසේ වෙතත් එම කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක වේ.